ලොව ප්‍රසිද්ධම Action camera නිෂ්පාදකයෙකු වන GoPro සමාගම විසින් එහි ප්‍රධාන කැමරා line-up එකට මීළගට හඳුන්වාදීමට නියමිතව ඇති Hero 9 action camera එක සඳහා front-facing color screen එකක් එක් කිරීමට කටයුතු කරනු ඇතැයි WinFuture වෙබ් අඩවිය විසින් අන්තර්ජාලයට එක් කල renders කිහිපයක් මගින් අනාවරණය වෙනවා.

GoPro Hero 9 Black mit Front-Farbdisplay: Das ist die neue Actioncam
GoPro legt in Kürze mit der GoPro Hero 9 Black die neunte Generation seines Topmodells nach. Wir haben jetzt offizielle-Bilder vorliegen, die zeigen, dass die neue Actioncam ein neues Farb-Display auf der Front bekommt.

නමුත් GoPro එකක් සඳහා front-facing color screen එකක් එකතු කල පළමු අවස්ථාව මෙය නොවන අතර GoPro සමාගම විසින් පසුගිය වසරේදී සිය GoPro Max camera එකට එවැනි screen එකක් ලබා දීමට කටයුතු කරනු ලැබූ නමුත් එය ඉතාමත් මිලෙන් අධික වුණා.

මේ නිසා සාපේක්ෂව මිල අඩු Hero 9 camera එකට front-facing color screen එකක් එක් කිරීම මගින් vloggers ලා හට තමන් පටිගත කරන වීඩියෝවේ පෙනුම කෙබඳුදැයි වර්ණ තිරයක් හරහා දැක ගත හැකි වනු ඇත.

අන්තර්ජාලයට එක් වූ renders වලින් පෙන්නුම් කරන්නේ නව front-facing screen එක දැනට පවතින monochrome status display එකට සමාන බව වන අතර එය lens එකට යාබදව ඉදිරිපසින් පිහිටා ඇති බවයි.

එම screen එක හරහා සාමාන්‍යයෙන් frame rate, resolution සහ අනෙකුත් recording info වැනි තොරතුරු මෙන්ම ඔබ වීඩියෝවක් පටිගත කරන අතරතුර live feed එකද පෙන්විය හැකිය.

GoPro සමාගම විසින් Hero line-up එකෙහි recording quality එක 4K සිට 5K දක්වා වැඩි කරනු ලබන බවට පැතිර යන කටකතා හැරෙන්නට GoPro Hero 9 පිළිබඳව වැඩි විස්තරයක් තවමත් වාර්තා නොවන නමුත් WinFuture වෙබ් අඩවිය විසින් පළ කර තිබුණු renders මගින් දැනට අනුමාන කළ හැකි වන්නේ මෙහි අන්තර්ග වන front-facing display එක පිළිබඳව පමණයි.

මෙලෙස අන්තර්ජාලයට නිකුත් වී තිබුණු renders වලට අනුව, නව fold-out mounting arms වැනි accessories ද දැක ගැනීමට හැකියාව තිබෙන අතර බොහෝදුරට Hero series එකෙහි cameras සාමාන්‍යයෙන් සැප්තැම්බර්/ ඔක්තෝබර් කාලය වන විට එළිදැක්වීමට කටයුතු කරන බැවින් GoPro සමාගම විසින් නුදුරේදීම මේ පිළිබඳව නිල තොරතුරු අනාවරණය කරනු ඇතැයි අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WinFuture වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.