පරිශීලකයන් විසින් පළ කරන post වල ඇති අන්තර්ගතයන්ගෙන් සිය සමාගමට යම් නීතිමය හෝ නියාමන හානියක් සිදු වන්නේ නම් එම post ඉවත් කිරීමට කටයුතු කරන බව Facebook සමාගම සඳහන් කර තිබෙනවා.

2020 ඔක්තෝබර් 1 වැනි දින සිට Facebook හි terms of service, එහෙමත් නැතිනම් කොන්දේසි මාලාවේ 3.2 වන වගන්තිය update කිරීමට කටයුතු කරන බව ඔවුන් සඳහන් කර තිබෙන අතර, ඒ හරහා යම් post එකක, service එකක හෝ පරිශීලකයන් විසින් පළ කරන යම් තොරතුරක අන්තර්ගතය මගින්, සිය සමාගමට නීතිමය හෝ නියාමන හානියක් වෙනවා යන්න හැඟෙන්නේ නම් ඒවා ඉවත් කිරීමට හෝ ඒවා සඳහා ඇති ප්‍රවේශයන් සීමා කිරීමට කටයුතු කරන බව Facebook සමාගම ප්‍රකාශ කරනවා.

පසුගියදා ඇමරිකානු පොලීසිය අතින් ඝාතනයට ලක්වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Twitter හරහා පල කරන ලද සටහනක් Twitter ආයතනය විසින් delete කිරීමත් සමඟ ඇමරිකානු ව්‍යවස්ථාව තුළ ඇති 238 වන වගන්තිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය Donald trump විසින් මතු කර තිබුණා.

230 වන වගන්තිය මඟින් තුන් වන පාර්ශවයක් විසින් පල කරන දේවල් සම්බන්ධයෙන් ඇති වගකීමෙන් තාක්ෂණික ආයතන හිමිකරුවන් නිදහස් කෙරෙන අතර මෙම වගන්තිය අහෝසි කෙරෙන විධායක නියෝගයකට donold trump විසින් පසුගියදා පසුගියදා අත්සන් තැබුවා.

මේ අනුව Facebook සමාගමේ මෙම නව තීරණය, රජය විසින් ගනු ලබන මෙවැනි තීරණ වලින් සිය සමාගම ආරක්ෂා කර ගැනීමට ගනු ලබන පියවරයන් ලෙස පෙන්වාදිය හැකි අතර තුන් වන පාර්ශවයන් විසින් පළ කරන දේවල් වල වගකීම තාක්ෂණික සමාගම් විසින් භාරගත යුතු බව මින් ඇඟවෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.