දත්ත අවභාවිතා කිරීම හා දුර්වල ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම පිළිබඳව බොහෝ විට Facebook සමාගමට විරුද්ධව නඩු පැවරීම් සිදුවීම හා දඩ ගෙවීමට සිදුවීම පසුගිය වසර කිහිපය පුරාවටම දකින්නට ලැබුණු කාරණයක්.

Facebook ගිණුම් මිලියන 540ක පරිශීලක දත්ත අනාරක්ෂිත Amazon සර්වරයක තිබී සොයාගනියි
Facebook සමාගම විසින් මිලියන 600ක පමණ පරිශීලක දත්ත, Password ද ඇතුළුව plaintextආකාරයෙන් ගබඩා කර තිබූ බව[/facebook-admits-it-stored-hundreds-of-millions-of-account-passwords-in-plaintext/] පසුගිය මාර්තු මාසයේ 22 වැනිදා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Facebook පරිශීලකයන්ට නැවතත් තම ගිණුම් වල ආරක්ෂා…

කොහොම නමුත් මේ වන විට සිදුවූ දේවල් වලින් පාඩමක් ඉගෙනගැනීමට Facebook සමාගම සමත් වී ඇති බව පෙන්වමින්, ඔවුන් විසින් සිදු කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව දත්ත නිසි ආකාරව පරිහරණය නොකළ Facebook Apps දස දහසකට අධික ප්‍රමාණයක් අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව Facebook Newsroom වෙබ් අඩවිය හරහා නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් Facebook ආයතනය ප්‍රකාශ කර සිටින්නේ Cambridge Analytica සිදුවීමෙන් පසුව 2018 වර්ෂයේදී ආරම්භ කළ පරීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම තීරණය ගැනීමට කටයුතු කළ බවයි.

An Update on Our App Developer Investigation | Facebook Newsroom
We’re sharing an update on our ongoing App Developer Investigation, which we began in March of 2018 as part of our response to the episode involving Cambridge Analytica.

මෙහි විශේෂත්වය වන්නේ ඉහත සඳහන් කළ දස දහස් ගණනක් වූ Apps සියල්ලෙහිම හිමිකාරීත්වය තිබී ඇත්තේ Developer වරුන් 400ක් පමණ දෙනා හට වීමයි. මේ අනුව සංවිධානාත්මක අයුරින් විශාල Apps ප්‍රමාණයක් භාවිතා කරමින් Facebook පරිශීලකයන්ගේ දත්ත එකතු කිරීමට මොවුන් කටයුතු කර ඇති බව පෙනී යනවා.

මේ තත්ත්වය හමුවේ තම පරිශීලකයන්ගේ දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම විමර්ශනය තවදුරටත් සිදු කරගෙන යාමට Facebook සමාගම තීරණය කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.