ඔබ-අප දන්නා පරිදී Google ආයතනය, Facebook ආයතනය වැනි ආයතන විසින් අපි ඔවුන්ගේ මෘදුකාංග භාවිතා කිරීමේදී අපේ පුද්ගලික දත්ත බොහෝ ප්‍රමාණයක් ඔවුන්ගේ පරිගණක තුල ගබඩා කරගන්නවා.

මෙම දත්ත ඔවුන් විවිධ ආයතන සහ සේවා සඳහා භාවිතා කරන බව බොහෝ දෙනා දන්නා රහසක් වන අතර බොහෝ වෙලාවට අපිටම සුවිශේෂී වෙළඳ දැන්වීම් ආදිය පෙන්වීම සදහා මෙම දත්ත භාවිතා කරනු ලබනවා.

මේ වන තුරු Google ආයතනය විසින් Location history, වෙබ් සහ App  ක්‍රියාකාරකම් විශේෂාංගය සම්පූර්ණයෙන්ම disable කිරීමට හෝ එම දත්ත සියල්ල හෝ කොටස් වශයෙන් මකා දැමීමට ඉඩ ලබා දී නොතිබූ අතර, පරිශීලකයින්ට ඔවුන්ගේ දත්ත කාර්යක්ෂමව කළමණාකරණය කළ හැකි වන පරිදි විධිමත් පාලන ක්‍රමයක් ලබදී තිබුනේ නැත.

කොහොම නමුත් මේ වන විට මෙලෙස Google ආයතනය විසින් ගබඩා කරගත් අපගේ Location සහ App Activity දත්ත ස්වයංක්‍රියවම මකාදැමීම සදහා පහසුකමක් හඳුන්වාදීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

පසුගිය මාසයේ මෙම දත්ත ඇමරිකානු රාජ්‍ය ආයතන වන FBI සහ අනෙකුත් ආයතන විසින් තම ක්‍රියාකාරකම් සදහා භාවිත කරන බවට ප්‍රසිද්ධියට පත්කල අතර එම දත්ත ගබඩාව  Sensorvault ලෙස හඳුන්වනු ලැබේ.

මේ පිලිබදව ඇමරිකානු කොන්ග්‍රස් සභාව Google ආයතනයේ විධායක අධ්‍යක්ෂක Sundar Pichai හට ලියුමක් මාර්ගයෙන් ප්‍රශ්න 10 ඉදිරිපත් කල පුවත පිලිබදව අපි මිට කලින් ඔබව දැනුවත් කළා මතක ඇති.

මෙම ප්‍රශ්න මාලාව සහ විවිධ ආකාරයෙන් පරිශීලකයන්ගෙන් ලබාගත් අදහස් අනුව ගූගල් ආයතනය මේ නවතම විශේෂාංගය එකතු කිරීමට තීරණය කර ඇති බව දැනගන්න ලැබෙනවා.

මෙම විශේෂාංගයේ සැකසුම් කිහිපයක් ලබා දී ඇති අතර ඒවා,

  • ඔබ විසින් manually delete කරන තෙක් තබා ගැනීම
  • මාස 18 ක් තබාගෙන ඉන් පසුව delete කිරීම
  • මාස 3 ක් තබාගෙන ඉන් පසුව delete කිරීම

මීට අමතරව කිසිම අයුරකින් ඔබව නිරීක්ෂණය කරනවාට ඔබ අකමැතිනම් ඒ සදහා ඔබට මෙහිදී location history සහ Web & Activity option දෙකම ක්‍රියාවිරහිත කර දැමිය හැකි අතර මෙම පහසුකම තව සති කිහිපයකදී ඔබටත් මේ අයුරින් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක හා The Hacker News වෙබ් අඩවිය භාවිතා කළ හැක.