කවදාහරි දවසක Facebook එකෙන් ඔයාගේ crush එක ගැන දැනගන්න පුළුවන් කියලා හිතුවා නම්, ඔන්න දැන් ඒ අවස්ථාව ලබා දෙන්නට Facebook සමාගම කටයුතු කරමින් පවතිනවා.

පසුගිය අප්‍රේල් මස 30 වැනිදා පැවති F8 2019 developers conference එක අතරතුරදී Secret Crush නම් වූ අලුත් පහසුකමක් ගැන තොරතුරු හෙළි කරමින් Facebook සමාගම ප්‍රකාශ කර සිටියේ මේ පහසුකම හරහා කිසිවෙකු හට කැමැත්තක් ඇත්නම් ඒ ගැන දැන්වීමේ හැකියාවක් ලබා දෙන බවයි.

මේ අනුව ඔයාගේ friends list එක අතුරින් පුද්ගලයින් 9 දෙනෙකු 'Secret Crush' ලැයිස්තුව සදහා එකතු කිරීමට හැකියාව ලබා දෙන අතර එසේ එකතු කළ පිරිස අතුරින්, ඔබවත් ඔවුන්ගේ ලැයිතුවට එකතු කරගතහොත් අදාල පුද්ගලයන් දෙදෙනා හට මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන අතර එසේ නොවුණහොත් එම තොරතුරු ඒක පාර්ශවික ලෙස තිබෙන බව Facebook සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොහොම නමුත් ඔයාගේ Crush එක මේ Dating සේවාව සමඟින් එකතු වී නැතිනම් හෝ, ඔහුගේ හෝ ඇයගේ Secret Crush list එකේ ඔබේ නම නොමැති නම් කිසි ලෙසකින් වත් ඒ පිළිබඳන ඔහුට/ඇයට දැනගැනීමට ලැබෙන්නේ නැහැ.

නමුත් මෙහි ඇති අවදානම් සහගත තත්වයක් ලෙස කෙනෙකු විහිළුවක් ලෙස තවත් කෙනෙකු එකතු කර ගැනීම පෙන්වා දෙන අතර මේ සඳහා ඔබ අවුරුදු 18ට වැඩි විය යුතු වෙනවා.

මේ වන විට මෙම සේවාව Argentina, Colombia, Mexico, Canada සහ Thailand යන රටවල් වලට ලබා දී තිබෙන අතර මේ වසරේ දෙසැම්බර් මාසයේ ඇමරිකාවට ලබාදීමට ක්‍රියාකරන බව දැනගන්නට ලැබෙනවා. කොහොම නමුත් අප සදහා මෙම සේවාව ලබාදීමට තව ටික කාලයක් ගතවෙනු ඇති.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය හා ABC7 වෙබ් අඩවිය භාවිතා කළ හැක.