ඇමරිකානු කොන්ග්‍රස් සභාව විසින් ගුගල් සමාගමේ ප්‍රධාන නිලධාරියා වන Sundar Pichai වෙත ලියුමක් ඉදිරිපත් කරමින් ගුගල් සමාගමේ Google Maps සේවාව මගින් එහි පරිශීලකයන්ගේ Geo Location දත්ත ගබඩා කරගැනීම සහ එහි භාවිතය ගැන ප්‍රශ්න 10 ඉදිරිපත් කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

පසුගිය දශකයකට ආසන්න කාලයක් පුරා Google සමාගම විසින් Sensorvault දත්ත ගබඩාව පවත්වාගෙන යන්නේ ලෝකය වටා මිලියන ගණනක් ස්මාර්ට්ෆෝන් වලින්, එම දුරකතනයේ හෝ අදාල උපාංගයේ ස්ථානය පිළිබඳ තොරතුරු ඇමරිකානු නීතිය ක්‍රියාත්මක කරන ආයතන සදහා මෙන්ම ඔවුන්ගේ විවිද අපරාධ විසදීම සදහා භාවිත කිරීමට ලබා දෙනවා.

කෙසේ වෙතත්, වරෙන්තුවක් ලැබීමෙන් පසු සියලුම Google උපාංග වල පරිශිලකයක් හඳුනාගත හැකි තොරතුරු සියල්ල ලබා නොදෙන අතර ඒ වෙනුවට Location history දත්ත භාවිතා කරමින් සැකකරුවන්ගේ ලැයිස්තුවෙන් බලධාරීන් විසින් තෝරාගත් පරිශීලකයින් කිහිප දෙනෙකු (සැකකරුවන් හෝ සාක්ෂිකරුවන්) පිළිබඳව තොරතුරු ලබා දීමට Google සමාගම කටයුතු කරනවා.

ඇමෙරිකානු House Energy and Commerce කමිටුවේ ප්‍රධාන නියෝජිතයින් විසින් පසුගිය අගහරුවදා දින මෙම දත්ත ගබඩාවේ භාවිතාව පිලිබදව විවෘත ලිපියක් ලියා තිබෙන අතර එහි විශේෂිත ප්‍රශ්න 10 ඇතුලත් කර තිබෙනවා.


Sensorvault දත්ත ගබඩාව ගබඩා කරන්නේ කුමන තොරතුරුද? Google එය භාවිතා කරන්නේ ඇයි සහ කෙසේද?
Alphabet සමාගමේ අනුබද්ධ සහ අනුබද්ධිත ආයතන සදහා මෙම දත්ත වලට ප්‍රවේශ වීමේ හැකියාව තිබේද?
පරිශීලකයාගේ Location තොරතුරු පිළිබඳ Google සමාගම විසින් වෙනත් database එකක් පවත්වාගෙන යනු ඇත්ද, ඔව් නම්, එය Sensorvault වෙතින් වෙනස් වන්නේ කෙසේද?
Google ඇතුළත Sensorvault දත්ත ගබඩාවට පිවිසිය හැක්කේ කාගේ කාර්යභාරය කුමක්ද?
Sensorvault දත්ත ගබඩාවෙහි අඩංගු තොරතුරු ගූගල් ලබා ගන්නා ප්‍රභව මොනවාද?
Sensorvault දත්ත ගබඩාවේ ගබඩා කර ඇති තොරතුරු ගබඩා කිරීමට Google ආයතනය පරිශීලකයන්ගෙන් අවසර ලබාගැනීමක් සිදු කරනවාද?
සමාගම විසින් පාරිභෝගිකයින් හ‍ට රැස් කරන තොරතුරු වලට අදාළව ගූගල් ආයතනය තුල තබාගැනීමේ ප්‍රතිපත්තිය කුමක්ද?
වෙනත් සමාගම් සමග ගූගල් අයතනය් මෙම දත්ත කොටස් වශයෙන් හෝ සම්පුර්ණයෙන් විකිණීම හෝ බෙදා ගැනීම සිදුකරනවාද?

මීට අමතරව, කොන්ග්‍රස් සාමාජිකයන් වන Frank Pallone, Greg Walden යන සාමාජිකයින් විසින් මැයි 10 වන දා මෙම ලිපිය සම්බන්දව කරුණු සාකච්ඡා කිරීම සඳහා සංශිප්ත ලිපියක් Sundar Pichai ගෙන් ඉල්ලා තිබේ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Hacker News වෙබ් අඩවිය හා Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.