ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා අපි කවුරුත් දන්නා Samsung සමාගම වන අතර, දෙවන ස්ථානයේ සිටි Apple සමාගම පසු කරමින් මේ වන විට දෙවනුවට විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත් වීමට Huawei සමාගම සමත් වී තිබෙනවා.

මීට ඉහතදී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ද මෙම තත්ත්වය මුලින්ම වාර්ථා වූ අතර අපි ඒ පිළිබඳව ද ඔබව දැනුවත් කරන්නට කටයුතු කළා මතක ඇති.

තරගකාරී ලෙස Huawei සමාගම, Apple සමාගම සහ Samsung සමාගම සමග තාක්ෂණික ලෝකයේ තරගකරමින් පසුගිය වර්ෂයේ 3වන කාර්තුවේ සිට මෙම වර්ෂයේ පළමු කාර්තුව දක්වා ගෝලීය කොටස් වෙලදපොලේ සුවිශේෂී ලෙස ඉහලට ගමන් කර ඇති බව bloomberg වෙබ් අඩවිය පෙන්වා පෙන්වා දෙනවා.

මෙහිදී සුවිශේෂී ලෙස දැක්වෙන්නේ Apple සමාගමේ කොටස් වල මිල පහල වැටීමෙන් ඇතිවී තිබෙන තත්වයයි. Samsung සමාගම ඔවුන්ගේ S10 ජංගම දුරකතය නිකුත් කිරීම මගින් මෙම වසරේ ඔවුන්ගේ වර්ධන වේගය පවත්වාගෙන ඇති බව වැඩිදුරටත් ඔවුන් සදහන් කරනවා.

Huawei සමාගමේ මෙම වර්ධනයට Apple සමාගම සදහා විවිද රටවල් විසින් පනවන ලද වෙළඳ තහනම් කිරීම් බොහෝ සෙයින් හේතුවන්නට ඇති බව විචාරකයින් පෙන්වා දෙන අතර චීනයේ Apple දුරකථන සදහා තිබු ඉල්ලුම අඩුවීම ද විශාල අදායම් පහත වැටීමකට හේතුවූ බව වැඩිදුරටත් අධ්‍යනය කිරීම මගින් පැහැදිළි වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bloomberg වෙබ් අඩවිය හා Business Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.