Intel සමාගමෙහි 10nm chips ද වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වසර කිහිපයක් ප්‍රමාද වූ අතර මේ වන විට මීළඟට processor නිෂ්පාදනය කිරීමට නියමිත 7nm process එක පිළිබඳව ද ගැටළු කිහිපයකට මුහුණදී තිබෙන බව වාර්ථා වෙනවා.

එමෙන්ම මේ හේතුව නිසාවෙන් මීළඟ පරම්පරාවේ chips හඳුන්වාදීම සඳහා ද තරමක ප්‍රමාදයක් සිදුවනු ඇති බව Tom’s Hardware වෙබ් අඩවිය වාර්ථා කරනවා.

Intel’s 7nm is Broken, Company Announces Delay Until 2022, 2023
From bad to worse

“7nm මත පදනම් වූ CPU නිෂ්පාදන කාලය බළාපොරොත්තු වූ කාළසීමාවට සාපේක්ෂව තවත් මාස හයක පමණ කාලයක් පමණ ගත වනු ඇත” ලෙස Intel සමාගමෙහි 2020 වසරේ දෙවැනි කාර්තුවේ ආදායම් වාර්ථා වල සටහන් වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මූලිකව Intel සමාගම අපේක්ෂා කරනු ලැබුවේ 2021 වසර අවසානය වන විට තමන්ගේ මීළග පරම්පරාවේ chips වෙළදපොලට නිකුත් කිරීමට වුවත්, මාස හයක මේ සිදු වන ප්‍රමාදය නිසා අවම වශයෙන් 2022 වසර තෙක් මෙය කල් යනු ඇති බව දැනගන්නට ලැබෙනවා.

Intel සමාගම විසින් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ වර්ථමාන 7nm නිෂ්පාදනයන්ගේ ඇති ගැටළු වලින් නිසාවෙන් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු වලට අදාල internal roadmap එකේ සඳහන් කර ඇති කාළසීමාවට වඩා වසරක පමණ අමතර කාලයක් ගත වනු ඇති බවයි.

කොහොම නමුත් AMD සමාගම දැනටමත් මාස 7 ක් තිස්සේ ඔවුන්ගේ 7nm architecture එක මත පදනම් වන Ryzen 4000 chips නිපදවා ඇති අතර ඒවා Intel සමාගමේ offerings අභිබවා යමින් තිබෙන බව දැකගත හැකි වෙනවා.

Intel සමාගම මේ වසර අග භාගයේදී ලැප්ටොප් පරිගණක සඳහා 11th-Gen Tiger Lake chips (10nm ++ processor මත පදනම්ව) නිකුත් කිරීමට සූදානම්ව සිටින අතර, ඒ සමගම Intel හි අතිශය ජනප්‍රිය Xe graphics ද හදුන්වා දීමට කටයුතු කරන බවද වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, BBC News වෙබ් අඩවිය සහ Toms Hardware වෙබ් අඩවිය භාවිතා කළ හැක