වර්තමානයේ ගමනාගමන ක්ෂේත්‍රය කොතරම් දියුණු වුවද රට රටවල් අතර පිහිටි නගර දෙකක් යා කිරීමට අඩු තරමේ පැය කීපයක් වත් ගත වන නමුත් අන්තර්ජාලයට ඒ සඳහා වැයවන්නේ ඉතාමත් සුළු කාලයක් බව ඔබ දන්නවා ඇති.

මුහුදු පතුල හරහා ලොව වටා දිවෙන Internet cable පද්ධතිය විසින් ඔබ අප එකිනෙකා අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීමට කැපවී සිටින අතර ශ්‍රී ලංකාව ද මෙවැනි කේබල් 6 ඔස්සේ ලෝකයට සම්බන්ධ වී තිබෙන බව ඔබ දැනටමත් දන්නවා විය හැකියි.

මේ අතර Google සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ස්පාඤ්ඤය යා කරමින් නව Internet cable එකක් ඉදිකිරීම සඳහා ආයෝජනය කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්ථා වෙනවා.

වඩා හොඳ අන්තර්ජාල වේගයක් ලබාදීම සහ අන්තර්ජාලය සඳහා වන අධික ඉල්ලුම සපුරාලීම මෙම නව cable එක එලීමේ අරමුණ වන අතර එය මුහුදු cable වලට බහුලව සිදුවන මෝරුන්ගේ ප්‍රහාර නිසා වන damage ආදියට ඔරොත්තු දෙන ලෙස මෙය නිර්මාණය කෙරෙනු ලැබෙනවා.

එමෙන්ම වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන ආරක්ෂාවට වඩා වැඩි ආරක්ෂාවක් ලබා දීමට මෙම නව cable එකේ ඇති තාක්ෂණය මගින් හැකියාව තිබෙන බව Google සමාගම පෙන්වා දෙන අතර 2022 වර්ෂය වන විට මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා.

Announcing Google’s Grace Hopper subsea cable system | Google Cloud Blog
The Grace Hopper private subsea cable ready to connect the UK and Spain to the US.

මෙම cable එක ඉදිකිරීමත් සමඟ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ස්පාඤ්ඤය අතර අන්තර්ජාල සේවාවන් වඩා වේගවත් වනු ඇති බව අනුමාන කරන අතර Google Meet වැනි Video Communication සේවාවන් හා පොදුවේ Gmail/Google Cloud වැනි සේවාවන්ද තවදුරටත් කාර්යක්ෂම වනු ඇති බව Google සමාගම පෙන්වා දෙනවා.

පරිගණක විද්‍යාව සම්බන්ධ විශේෂඥවරියක් වන Grace Hopper ගේ නමින් මෙම Cable එක නම් කර ඇති අතර එය Google සමාගමේ Cuire, Dunant හා Equiano යන cable වලට ද මෙය මුහුදු පතුලෙන් සම්බන්ධ වෙනවා.

එමෙන්ම අධිවේගී fiber optic යුගල 16 කින් මෙම නව cable එක නිර්මාණය කරනු ඇති අතර 2003 වසරෙන් පසුව Google සමාගම විසින් ස්පාඤ්ඤය හා බ්‍රිතාන්‍ය සඳහා මෙවැනි මුහුදු Cable එකක් වෙනුවෙන් ආයෝජනය කළ පළමු අවස්ථාව මෙය වනවා.

කලින් සඳහන් කල පරිදි ශ්‍රී ලංකාව ද වර්තමානයේ මුහුදු Cable 6 ක් ඔස්සේ ලෝකයට සම්බන්ධ වී ඇති අතර ඉන් පහක් SLT සමාගමත්, අනෙක් එක Dialog ආයතනයත් භාවිතා කරනු ලබනවා.

ඒ අනුව SEA-ME-WE 3, SEA-ME-WE-4, SEA-ME-WE-5, Dhiraagu හා Bharat Lanka යන Cable SLT ආයතනය භාවිතා කරනු ලබන අතර Bay of Bengal Gateway(BBG) යන Cable එක පමණක් Dialog සමාගම භාවිතා කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.