ඉන්දියාව සහ ඇමරිකාව විසින් ගත් තීරණ අනුකරණය කරමින් චීනය විසින් නිර්මාණය කරන ලද Tiktok ඇතුළු ජංගම දුරකථන apps රැසක් තහනම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ජපානයේ අවධානය යොමු වී තිබෙනවා.

ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීති සම්පාදකයින් පිරිසක් විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කොට තිබෙන අතර තමන් අපේක්ෂා නොකරන ආකාරයේ පුද්ගලික තොරතුරු leak වීම හා ජපානය පිළිබඳව වන දත්ත චීනය සතු වීම වැලැක්වීම වෙනුවෙන් මෙම තීරණය ගත යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

මීළඟ සැප්තැම්බර් මාසය වන විට මීට අවශ්‍ය යෝජනා සම්පාදනය කොට රජයට ඉදිරිපත් කිරීමට මෙම නීති සම්පාදකයින් සූදානම් වන බව මේ වන විට වාර්තා වෙනවා.

මේ වන විට Tiktok සේවාව ජපානය තුළ අතිශයින්ම සාර්ථක social app එකක් වන අතර, ජපානයේ බහුතරයක් දෙනා භාවිතා කරනු ලබන keyboard එකක් වන Simeji Keyboard එකෙහි හිමිකරුවා වන්නේ ද තවත් චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Baidu සමාගමයි.

කොහොම නමුත් Tiktok ඔස්සේ චීනය විසින් වෙනත් රටවල් වල දත්ත ලබා ගන්නා බවට මේ වන විට ලොව බොහෝ රටවල් චෝදනා කරමින් සිටින අතර ඉන්දියාව විසින් ද පසුගිය මාසයේදී Tiktok ඇතුළුව තවත් චීන apps 59 කට අධික ප්‍රමාණයක් තහනම් කිරීමට කටයුතු කළා.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයි
ඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වල දේශ සීමා නිසාවෙන් ඇතිවී තිබුණු උණුසුම්තත්ත්වය පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති. ඔන්න දැන් ඉන්දියාව විසින් ඔවුන්ගේ රටේ ආරක්ෂ‍ාව වෙනුවෙන් චීනය විසින් නිෂ්පාදනය කළapps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර එරට තුළ මෙන්ම ලොව පුරාඉතාමත් ජනප්‍රිය TikTok,…

ජපානයට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් ද, Tiktok සම්බන්ධයෙන් මේ හා සමාන තීරණයක් ගැනීමට සූදානමින් සිටින බවද මේ වන විට වාර්ථා වෙනවා.

කොහොම නමුත් දත්ත සොරා ගැනීම් හා ඒවා චීන රජයට ලබා දීම සම්බන්ධයෙන් වන චෝදනාව Tiktok සේවාවේ හිමිකරු වන ByteDance ආයතනය විසින් ප්‍රතික්ෂේප කරන අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ පරිශීලක දත්ත වල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන් බැඳී සිටින බවයි.

වර්තමානයේ දී Tiktok හි ප්‍රධාන විධායක නිලධාරියා ද අමෙරිකානු ජාතිකයෙකු වන අතර Tiktok හි ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම දෙනා එක්සත් ජනපද කණ්ඩායම් වීමද විශේෂත්වයක් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය සහ Nikkei Asian Review වෙබ් අඩවිය භාවිතා කළ හැක.