මීට සති කිහිපයකට පෙර Instagram සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනා එම සමාගමෙන් ඉවත්වීම සම්බන්ධව අප ඔබව දැනුවත් කළා මතක ඇති.

ඉතින් එ් හැරයාමෙන් අනතුරුව Instagram හි අලුත් ප්‍රධානියා ලෙස පත්වූ Adam Mosseri යටතේ පරිශීලකයින්ට ලැබෙන් Instagram Photo හා caption වල සදහන් වන අන් අයට හිරිහැර වන ආකාරයෙන් ප්‍රකාශ මිනිසුන්ට report කිරීමට පළමුව හදුනාගැනීම සඳහා කෘතීම බුද්ධිය භාවිතා කිරීමේ පහසුකමක් ගැන දැනගන්නට ලැබෙනවා.

මෙහි ආරම්භක පියවරක් ලෙස පසුගිය වසරේදී  මෙලෙස කෙනෙකුට නින්දා වන ආකාරයෙන් Comment හදුනාගත හැකි AI එකක් හදුන්වා දීමට Instagram සමාගම කටයුතු කරනු ලැබූ අතර ඔන්න දැන් එම AI එක තවත් දියුණු කරමින් මේ පහසුකම පින්තූර හා captions හදුනා ගත හැකි AI එකක් දක්වා දියුණු කරන්න Instagram සමාගම සමත් වෙලා තියෙනවා. කොහොම වුණත් තවමත් මේ AI වැඩ කරන්නේ මිනිසෙකුගේ අනුදැනුම මතයි.

ඉතින් Facebook සමාගම භාවිතා කරන මෙවැනිම Rosta නමින් එන AI එකක් ගැනත් ඔබට අපි කරුණු රැගෙන එන්නට කටයුතු කලා මතක ඇති.

ඉතින් මේ පහසුකම ඉදිරි සති කීපය තුළ Instagram පරිශීලකයන් හට අත්විදීමට හැකියාව ලැබෙන අතර මේ අමුතු පන්නයේ  AI එක තම පරිශීලකයන් හට ලබා දීමට කටයුතු කර තිබෙන්නේ අන් අයට හිරිහැර කිරීම පිටුදැකීමේ මාසය වන මේ මාසයේ එනම් ඔක්තොම්බර් මාසයට සමගාමීවයි.

AI Comment filter පහසුකම

කලින් සදහන් කළා වගේම AI Comment filter පහසුකමක් මේ වන විටත් ලැබී තිබුණත් තවමත් එය Live Video වලට ලැබී තිබුණේ නැති වුවත්, මේ වන විට ඒ සඳහා ද මෙම පහසුකම ලබා දීමට Instagram සමාගම සූදානම් වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය, engadget වෙබ් අඩවිය සහ mashable වෙබ් අඩවිය භාවිතා කළ හැක.