Stanford University Project එකක් අතරතුර එකට වැඩ කර දැන හදුනා ගන්නා Kevin Systrom සහ Mike Krieger එකතු වෙලා 2010 ඔක්ත‍ොම්බර් 6 වෙනිදා ආරම්භ කරපු photo-sharing app එකක් වන Instagram ම්‍ෙ වෙනකොට ලෝකය පුරා බිලියනයකට අාසන්න දෙනා පාවිච්චි කරන ඇප් එකක් බවට පත්වෙලා අවසානයි.

ඉතින් ම්‍ෙ Instagram සමාගම මීට වසර 6කට කලින් ‍Facebook සමාගම විසින් මේ Instagram සමාගම මිලදී ගන්නේ ඩොලර් බිලියනයක වටිනාකමකට වන අතර මිලදී ගැනීමත් සමගම Instagram සමාගමේ වර්ථමාන හිමිකරුවා Facebook සමාගම බවට පත්වෙලා තිබෙනවා.

කෙසේ නමුත් මේ වනවිට මේ Instagram හි නිර්මාතෘ දෙපල හදිසියේම සමාගම හැර යන්න තීරණය කර ඇති බව Instagram leadership team එක අමතමින් කියා සිටි අතර Mr. Systrom හා Mr. Krieger මෙසේ ඉවත් වීමට කිසිම හේතුවක් සදහන් කරන්නේ නම් නැහැ.

මෙතෙක් Mr. Systrom Instagram හි ප්‍රධාන විධාය නිළධාරීයා ලෙසත් Mr. Krieger ප්‍රධාන තාක්ෂණික නිළධාරියා ලෙසත් සේවය කරමින් සිටියා.

Instagram සමාගමේ නිර්මාතෘවරුන් - පිළිවෙලින් Kevin Systrom සහ Mike Krieger

කෙසේ නමුත් ඔවුන්ගේ අලුත් වැඩක් ගැන ඔවුන් ඉගි පල කරමින් පසුගිය සඳුදා නිවේදනයක් මගින් "අපි අපේ මීලඟ පියවරට සූදානම් වන බව" කියා සිටිනු ලැබූ අතර ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් නැවත අත්හදා බැලීමට සුදානම් වන බවත්, මිනිසුන්ට අවශය තවත් අලුත් දෙයක් ඔවුන් ලබා දීමට සූදානම් වන බව වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

මේ තීරණය ගැන Facebook හි ප්‍රධානියා වන Mark Zuckerberg පවසා සිටියේ Instagram නිර්මාතෘවරුන්ගේ අදහස අගය කරන බවත් ඔවුන්ගේ අලුත් කාර්යය සදහා ඔහුගේ සුභ පැතුම් එක් කරන බවත්ය.

Facebook සමාගම කියල කියන්නේ මේ වෙනකොට ලොව ජනප්‍රියම Social Network කිහිපයක අයිතිකරුවන් වන නමුත් Facebook සමාගමට අයිති messaging app එකකක් වන WhatsApp සමාගමේ නිර්මාතෘ වන Jan Koum ද පසුගිය අප්‍රේල් මාසයේදී  Facebook  සමාගමෙන් ඉවත් වී ගියා. භාවිතා කරන්නන් බිලියනයක් පමණ සිටින WhatsApp සමාගම 2014 වසරේදී තමයි මේ Facebook සමාගම විසින් මිලදී ගන්නට කටයුතු කරන්නේ.

කෙසේ නමුත් Kevin Systrom සහ Mike Krieger ගේ විශිෂ්ට නිර්මාණයක් නුදුරු අනාගතයේදී දැකගැනීමට ලැබෙනු අැත.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට nytimes හා Instagram Blog යනවෙබ් අඩවි භාවිතා කළ හැක.