Intel කියන්නේ ලෝකයේ processor නිශ්පාදනය කරන සමාගම් වලින් ප්‍රධානියා වන අතර මේ වන විට desktop හා server පරිඝනක භාවිතා කරන බහුතරයක් දෙනාගේ පරිඝනකයේ ප්‍රධානතම වැඩ කොටස සිදු කරනු ලබන්නේ Intel processor එකක් විසිනුයි.

ඔවුන්ගේ Intel core i3, i5, i7 වගේ ගොඩක් performance අතින් ඉහළින් තිබෙන processors දැන් අවුරුදු ගාණක සිට පාරිභෝගිකයන් අතර ඉතාමත් ජනප්‍රියව පවතිනවා.

Intel සමාගම විසින් ඔවුන්ගේ processor පවුලට අලුතෙන්ම processor මාලාවක් එකතු කරන්නට කටයුතු කර ඇති අතර ඒ තමයි අලුත්ම 9th generation processor මාලාව. i9 processor මාලාවේ එන අලුත් Core i9-9900K processor එක මේ වන විට Intel සමාගම විසින් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන හොඳම gaming processor එක වශයෙන් හැඳින්වීමට ඔවුන් කටයුතු කරනවා.

මේ processor එක cores 8කින්, 3.6 GHz වේගයකින් (clock speed) හා 5.0 GHz උපරිම වේගයක් දක්වා boost කළ හැකි ලෙස සකස් කර තිබෙනවා.

මේ අලුත් i9 processor එකත් සමඟින්ම ඔවුන්ගේ පසුගිය processor මාලාවන් වන වන i5 හා i7 හි අලුත් generation එක, එනම් cores 8 කින් සමන්විත 3.6-4.9 GHz වේගයක් සහිත i7-9700K හා cores 6කින් සමන්විත 3.7-4.6 GHz වේගයක් සහිත i5-9600K processor දෙක හදුන්වා දීමට Intel  සමාගම කටයුතු කළා.

මේ processor වල මිල ගණන් පහත පරිදි වන නමුත් මේවායේ මිළ ගණන් නම් ඔවුන් සාමාන්‍යයෙන් නියම කරන මිලට වඩා ටිකක් වැඩි බව තමයි බොහෝ දෙනාගේ මතය වන්නේ.

  • Core i9-9900K - $488 (84,000 LKR පමණ)
  • Core i7-9700K - $373 (64,000 LKR පමණ)
  • Core i5-9600K - $262 (45,000 LKR පමණ)

මේ කොහොම උනත් Intel සමාගම ඔවුන්ගේ high end පාරිභෝගිකයන් ද අමතක නොකරමින් ඔවුන්ගේ අලුත් Core X- Series processor මාලාවකුත් මේ සමඟින් නිකුත් කරන්නට කටයුතු කළා.

Core i7 X-Series, Core i9 X-Series හා Core i9 Extreme processors ඒ අතරට එකතු වන අතර, මෙහි හොඳම processor එක බලගැන්වෙන්නේ cores 18ක් සහ threads 36ක් උපයෝගී කරගෙනයි.

මේ release event එක අතරතුර එළිදැක්වුණු තවත් එක් විශේෂ ම නිශ්පාදනයක් වූයේ ඔවුන්ගේ Intel Xeon W-3175X processor එකයි. Base clock speed එක 3.1GHz වන මෙය 4.3 දක්වා boost කළ හැකි වන අතර cores 28 කින් සමන්විත වෙනවා.

කොහොම නමුත් එහි මිළ ගණන් නම් තවමත් දැනගන්නට නොලැබෙන අතර එය ඉතාමත් ඉහළ මිලක් වේවි යැයි බොහෝ දෙනා දැනටමත් මත පල කරනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.