Facebook වගේ Social medial වල අදහස් දක්වන වෙලාවට text එකකට පමණක් සීමා නොවී photo එකක් අාධාරයෙනුත් තම අදහස් එකතු කරන්න මේ වෙනකොට බහුතරයක් දෙනා වැඩි වශයෙන් නැඔුරු වෙලා තියෙනවා.

ඉතින් Facebook කියන්න මසකට බිලියන 2 ක් විතර පිරිසක් පාවිච්චි කරන Platform එකක් නිසාවෙන් Facebook එකට දවස ගානේ විශාල ප්‍රමාණයක් අකුරු සහිත images එකතු වෙනවා.

ඉතින් මෙලෙස එකතු වන අකුරු සහිත පින්තූර Facebook සමාගමේ content policy වලට අවනත දැයි පරීක්ෂා කර බැළිය යුතු වන අතර මෙම කාර්ය්‍ය සඳහා මිනිස් ශ්‍රමය භාවිතා කරන්නට කටයුතු කළහොත් ඉතාමත් විශාල පිරිවැයක් දැරීමට සිදුවෙනවා.

ඉතින් Facebook ආයතනයේ වැඩ කරන අයට මේ පළ වෙන දේවල් හැමදෙයක්ම එකින් එක පරික්ශා කරන එක කරන්න බැරි දෙයක් නිසා ඒ වෙනුවට Facebook ආයතනයේ තාක්ශණික නිළධාරීන් අලුත් ක්‍රමයක් හොයාගෙන තියෙනවා.

ඒ තමයි මේ හැම දෙයක්ම එකින් එක පරික්ශා කරන්න පුලුවන් විදිහේ කෘත්‍රීම බුද්ධියක් (Artificial Intelligence) ඇති මෘදුකාංගයක් නිපදවන එක. තම blog පිටුවේ සටහනක් තබමින් Facebook ආයතනය පවසා සිටියේ ඔවුන් මේ වනවිට එවැනි මෘදුකාංගයක් නිපදවා තියෙන බවයි. මේ AI එකේ නම තමයි "Rosetta" කියලා කියන්නේ.

දිනක් ඇතුලතදී විවිධ භාෂා වලින් තියෙන text සහිත images බිලියනක් විතර අධ්‍යනය කරලා එ්වායේ අඩංගු දේ Facebook ආයතනයේ content policy වලට අනුකූලදැයි හදුනා ගන්න මේ Rosetta AI එකට හැකියාව තිබෙනවා.

ඒ කියන්නේ මෙය මගින් අපි පළකරන දේවල් වල තියෙන වචන පරිවර්තනය කරලා ඒවායේ මිනිස්සුන්ට හෝ සමාජයට හෝ ආගම් වලට හෝ හානිකර වන දේ අඩංගු දැයි සොයා බලනවා.

ඉතින් මේ  Rosetta කියන AI මේ වෙනකොටත් Facebook වල විතරක් නෙමෙයි Instagram වලත් භාවිතා කරනු ලබන අතර මේ වන විට සිංහල භාශාවත් ඇතුලුව භාෂා 24 කට පමණ සහාය දක්වනවා.

කොහොම වුණත් තවමත් මෙහි යම් යම් අඩුපාඩු පවතින අතර එය ඉදිරියේදී වැඩිදියුණු කීරීම සඳහා Facebook සමාගම කැපවීමෙන් වැඩකරගෙන යන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.