2013 වර්ෂයේදී එළිදැක්වුණු Telegram සේවාව පසුගිය අගෝස්තු 14 වැනි දින ඔවුන්ගේ 7 වැනි සංවත්සරය සැමරීමට කටයුතු කළ අතර, මේ වන විට මිලියන 400 කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් සහ ලොව වැඩියෙන්ම download කරනු ලැබූ apps 10 අතරට පැමිණීමට සමත් වී තිබෙනවා.

මෙම සංවත්සරයට සමගාමීව Telegram video call පහසුකම පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් කිරීමට Telegram ආයතනය කටයුතු කර ඇති අතර ඒ අනුව, Android සහ iOS පරිශීලකයින් හට Telegram 7.0 version එක සමඟින් end-to-end encrypted video calling පහසුකමෙහි alpha සංස්කරණයක් ලබාදීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

Video Calls and Seven Years of Telegram
Today marks seven years of Telegram. In 2013, we began as a small app focused on secure messaging and have since grown into a platform with over 400M users. Now this platform also offers video calls.

මෙහිදී alpha ලෙස හැඳින්වෙන්නේ Telegram app එකේ version එක නොව, මෙම video call පහසුකම පමණක් වන බව Telegram ආයතනය විසින් පෙන්වා දෙන ලද අතර, මෙම පහසුකම තවමත් නොනවත්වා වැඩිදියුණු කරමින් පැවතීම මෙලෙස නම් කිරීමට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙනවා.

default ලෙසම enable කර ඇති මෙම video call පහසුකම අදාල පරිශීලකයාගේ profile එක හරහා භාවිතා කළ හැකි අතර, picture-in-picture mode එක සඳහා ද සහාය දක්වනු ලබන බැවින් video call එකක් ලබාගන්නා අතරතුරදී multi-tasking සඳහා ද හැකියාව ලැබෙනවා.

එමෙන්ම මීළඟ මාස කිහිපය ඇතුලත group video calls පහසුකම ද ලබාදීමට මොවුන් සූදානමින් සිටින බවත් Telegram ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව මෙම සංවත්සරයට සමගාමීව නිකුත් කළ update එක හරහා නිතර භාවිතා වන emoji ගණනාවක් සඳහා අලුත් animated emojis හඳුන්වාදීමට ද Telegram ආයතනය කටයුතු කර තිබෙනවා.

Update: 16/08/2020 05:30AM
Telegeam app එකේ alpha සංස්කරණයට video call පහසුකම ඇතුලත් කර තිබුණු බව සඳහන් කර තිබුණු ලිපිය video call පහසුකම පමණක් alpha version එකක් වන බව පෙන්වාදෙමින් ඊට අදාල ලෙස සංස්කරණය කරනු ලැබිණි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Telegram blog එක, GSM Arena වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.