Instagram හරහා දැන් ඕනෑම third-party QR camera app එකකින් scan කළ හැකි QR codes generate කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලබාදීමට කටයුතු කරනු ලබන බව The Verge වෙබ් අඩවිය විසින් වාර්තා කරනු ලබනවා.

මෙම විශේෂාංගය පසුගිය වසරේදී ප්‍රථම වරට ජපානය තුළ අත්හදා බැලීමට Instagram ආයතනය කටයුතු කරනු ලැබුවා.

මෙම පහසුකම මගින් යම් ව්‍යාපාරයකට ඔවුන්ගේ QR code එක මුද්‍රණය කර ප්‍රදර්ශනය කල හැකි අතර ගනුදෙනුකරුවන්ට එම QR code එක ඕනෑම third-party camera app එකක් හරහා scan කර ඔවුන්ගේ Instagram ගිණුම පහසුවෙන් විවෘත කිරීමට හැකියාව ලැබෙනවා.

එතැන් සිට එම පරිශීලකයින් හට පහසුවෙන් store hours බලාගැනීමට, භාණ්ඩ මිලදී ගැනීමට හෝ account එක follow කිරීමට හැකියාව තිබෙනවා.

මේ QR code එක generate කර ගැනීම සඳහා, ඔබගේ profile එකෙහි settings menu එක වෙත ගොස් QR code එක මත tap කළ යුතු වන අතර එහිදී QR code යනුවෙන් option එකක් දැකගැනීමට හැකියාව තිබෙනවා.

Instagram ආයතනය විසින් මීට පෙර ද Nametags නමින් මීට සමාන පහසුකමක් හදුන්වා දෙනු ලැබුවා. කෙසේ වුවත් එය භාවිතා කිරීමට හැකියාව ලැබුණේ Instagram camera එක හරහා පමණක් වන නමුත් මෙම නව QR code option එක පෙර සඳහන් කලා සේම ඕනෑම third-party QR camera app එකක් මගින්ද scan කිරීමේ හැකියාව පවතිනවා.

Twitter, Facebook, Snapchat සහ Spotify ඇතුළු තවත් බොහෝ apps ඔවුන්ගේම QR වැනි පද්ධතියක් භාවිතා කරනු ලබන අතර මේ අතරින් Twitter සේවාව පමණක් සැබෑ QR codes සඳහා සහාය දක්වනු ලබනවා.

නමුත් COVID 19 වසංගත තත්වයත් සමඟ බොහෝ රටවල අවන්හල් ඔවුන්ගේ භෞතික menus වෙනුවට QR codes භාවිතා කිරීමට පටන් ගෙන ඇති අතර, Instagram සේවාව වඩාත් විවෘත QR system එකක් වැලඳ ගැනීමට මෙය මූලික හේතුවක් වීමේ හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.