Google සමාගමේ Gmail සහ Google Drive යන සේවාවන් පැය කිහිපයක සිට අකර්මන්‍යය වී ඇති බව ලොව පුරා පරිශීලකයින් විසින් වාර්ථා කර ඇති අතර Downdetector වෙබ් අඩවියේ වාර්ථා වන දත්ත අනුව Google Search පහසුකමට ද විශාල පරිශීලකයින් ප්‍රමාණයකට ප්‍රවේශ විය නොහැකි බව දැකගත හැකි වෙනවා.

මේ වන විට Google සමාගමේ නිළ G Suite Status Dashboard එකට අනුව Gmail, Google Drive, Google Groups, Google Chat, Google Meet, Google Keep සහ Google Voice යන සේවාවන් වල ඇනහිටීමක් වාර්ථා වෙනවා.

කොහොම නමුත් තවමත් මීට හේතුව කුමක් ද යන්න පැහැදිලි නොමැති අතර Google සමාගම මේ පිළිබඳව අධ්‍යනය කරමින් පවතින බවත්, තවත් පැයක පමණ කාලයක් ඇතුලතදී මෙය නිරාකරණය කර, මේ පිළිබඳව update එකක් ලබාදීමට බළාපොරොත්තු වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ මැලේසීයාව ඇතුළු රටවල් වල සිටින පරිශීලකයින් හට අත්විඳීමට සිදු වී ඇති නමුත්, සියළුම පරිශීලකයින් හට එක ලෙස බළනොපාන අතර ඇතැම් පරිශීලකයින් හට සාමාන්‍යය පරිදි වැඩ කටයුතු සිදු කරගෙන යෑමේ හැකියාව ඇති බවද වාර්ථා වෙනවා.

G Suite Status Dashboard
G Suite Status Dashboard enables users and businesses to monitor the status of individual G Suite services. Users of G Suite can now view the status of individual services such as Gmail, Google Calendar, Google Docs, Google Sites and Google Video for businesses. Administrators of G Suite Premier Edi…
නිළ G Suite Status Dashboard එක

මෙම ගැටළුවට අදාල නවතම තොරතුරු ඉහත සඳහන් වන නිළ G Suite Status Dashboard එක හරහා දැනගැනීමේ හැකියාව ලැබෙනු ඇති අතර, ‍Google සමාගම විසින් මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කළ පසු ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප සූදානමින් සිටින්නෙමු.

Update: 20/08/2020 04:40 PM
මේ වන විට Gmail ඇතුළු අනෙකුත් සියළුම සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බව Google සමාගම වාර්ථා කර ඇති අතර මෙම downtime එකට හේතු වූ කාරණය පිළිබඳව කිසිඳු නිළ ප්‍රකාශයක් සිදු කර නොමැත.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා DownDetector වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය, Android වැඩකාරයෝ වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.