Apple සමාගම මේ වන විටත් fingerprint හරහා දුරකථනය unlock කිරීමේ පහසුකම සිය උපාංග වලින් ඉවත් කොට තිබෙන නමුත් Android උපාංග වල එම තාක්ෂණය දිනෙන් දින update වෙමින් පවතිනවා.

ජංගම දුරකථනයේ පිටුපස ස්ථානගත කර තිබුණු fingerprint sensor එක මේ වන විට in-display-fingerprint තාක්ෂණය දක්වා වර්ධනය වී ඇති අතර එය ද විවිධ සංකීර්ණ තාක්ෂණයන් ඔස්සේ වෙනස් වෙමින් පවතිනවා.

නමුත් in-display-fingerprint භාවිතා කිරීමට හැකියාව තිබෙන්නේ දුරකථන තිරයේ fingerprint scanner එක පිහිටුවා ඇති ස්ථානය long press කිරීමෙන් පමණක් වන අතර Huawei සමාගම විසින් මෙයට විසඳුමක් සොයා ගැනීමට සූදානමින් සිටින බව මේ වන විට වාර්තා වෙනවා.

ජංගම දුරකථන තිරයේ එක් ස්ථානයක පමණක් නොව මුළු තිරය පුරාම ක්‍රියාත්මක කළ හැකි fingerprint තාක්ෂණයක් සඳහා patent බලපත්‍රයක් ලබා ගැනීම Huawei සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඉතාම සරළව මෙම තාක්ෂණය හරහා ඔබ විසින් ‍fingerprint එක setup කළ පසු දුරකථන තිරයේ ඕනෑම තැනක් long press කළ විට දුරකථනය unlock කරගැනීමට හැකියාව ලැබෙනවා.

All screen ‍fingerprint ලෙස නම් කර ඇති මෙම නවතම තාක්ෂණය චීනය, යුරෝපය, ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව හා ඉන්දියාව යන වෙළඳපොල සඳහා මෙලෙස patent බළපත්‍ර සඳහා ඉල්ලුම් කර ඇති අතර මෙලෙස පුළුල් ලෙස patent බලපත්‍ර ඉල්ලුම් කර ඇති නිසා මෙම තාක්ෂණය ඉතා ඉක්මණින් අනාගත උපාංගවල දැකිය හැකි වනු ඇති බව උපකල්පනය කළ හැකි වෙනවා.

නමුත් මෙම All screen fingerprint තාක්ෂණය නිසා බැටරි බලය අඩු වීම සිදු විය හැකි අතර ඒ නිසා display එකේ තමන් කැමති ඕනෑම ප්‍රදේශයක fingerprint එක ක්‍රියාත්මක වීම අක්‍රිය කිරීමට හැකි ලෙස settings වෙනස් කිරීමටද හැකියාව ලබාදීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙම තාක්ෂණය නිසා fingerprint හරහා lock කර ඇති app එකකට ප්‍රවේශ වීම ඉතා පහසු කරන අතර lock screen එක තුලදී notification read කිරීම, reply කිරීම ආදියද පහසු කරනු ලබනවා.

ඉතින් මේ නවතම තාක්ෂණයෙන් අනාගත Huawei උපාංග බලගැන්වෙනවා ද නැද්ද යන්න පැවසීමට තවමත් කල් වැඩි නමුත් එය ඉක්මනින්ම භාවිතයට පැමිණෙනු ඇති බව බොහෝ දෙනාගේ අපේක්ෂාව වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය, Gizchina වෙබ් අඩවිය සහ PhoneArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.