2017 වර්ෂයේ MWC event එක අතරතුරදී HMD Global සමාගම විසින් අලුත් Nokia Android ජංගම දුරකථන හඳුන්වාදීමට කටයුතු කළ අතර, මූලිකව එම ජංගම දුරකථන සඳහා වසර දෙකක් දක්වා updates ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.

මේ ආකාරයට 2017 වර්ෂයේදී Nokia 3, Nokia 5, Nokia 6 සහ Nokia 8 යන ජංගම දුරකථන එළිදැක්වූ අතර මෙම සියළුම ජංගම දුරකථන සඳහා 2019 වර්ෂය දක්වා නිළ වශයෙන් සහාය ලබාදීම සිදු කිරීමට නියමිත වූ අතර, මේ වන විට මෙම කාළසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මේ අනුව ඉහත සඳහන් කළ ජංගම දුරකථන මාදිලි 4 සඳහා 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය දක්වා සුපුරුදු පරිදි Security updates ලබාදෙනු ඇති නමුත් මෙම updates ඇමෙරිකාව සහ ඉන්දියාව යන රටවල් වල භාවිතා වන Nokia 6 ජංගම දුරකථන සඳහා නොලැබෙන බව ද වාර්ථා වෙනවා.

එමෙන්ම සාමාන්‍යය මාසික updates ලබා දීමේ ක්‍රමවේදය අනුව මෙම updates ලබා නොදෙන අතර, සෑම මාස තුනකට වරක් ම මෙම updates ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

කොහොම නමුත් 2017 වර්ෂයේදී නිකුත් කළ Nokia 2 ජංගම දුරකථනයට මේ ආකාරයෙන් support period එක දීර්ඝ වීමක් සිදු නොවන අතර, මෙම වසරේ නොවැම්බර් මාසයෙන් පසුව එයට updates ලබාදීම නතර කිරීමට HMD Global සමාගම කටයුතු කරනු ලබන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය හා නිළ Nokia Community එක භාවිතා කළ හැක.