‌‌චීනයේ විශාලතම තාක්‍ෂණ සමාගම වන Huawei සමාගම සිය වාර්ෂික  සමුළුව Dongguan නගරයේදි පැවැත්වුණු අතර එහිදී ඔවුන්ගේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන HarmonyOS එක නිළ වශයෙන් එළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඊට අමතරව ඔවුන්ගේ Android පාදක කරගත් EMUI මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන EMUI 10.0 සංස්කරණය ගැන තොරතුරු රැසක් අනාවරණය කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ අලුත් සංස්කරණය තවමත් beta මට්ටමේ තිබෙන Android Q මෙහෙයුම් පද්ධතිය මත පදනම් වන අතර Google සමාගම විසින් මේ වන විටත් අදාල source code එක නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බැවින්, ඒ මත පදනම් කරගෙන EMUI 10 වල නිර්මාණ කටයුතු සිදු කරගෙන යනු ලබන බව ඔවුන් පෙන්වා දෙනු ලැබුවා.

මීට අමතරව ජංගම දුරකථනය සහ පරිගණකය සම්බන්ධ කළ හැකි Multi-screen collaboration යන පහසුකම ගැන ද තොරතුරු අනාවරණය කිරීමට Huawei සමාගම කටයුතු කළ අතර මේ හරහා Wireless ක්‍රමයට පරිගණකය හා ජංගම දුරකථනය සම්බන්ධ කිරීමටත්, පරිගණකයේ සිට ජංගම දුරකථනය පාලනය කිරීමටත් හැකියාව ලැබෙනවා.

මේ අලුත් update එක සමඟින් එළිදැක්වීමට නියමිත පළමුවැනි ජංගම දුරකථනය වන්නේ Huawei Mate 30 ජංගම දුරකථනය වන අතර Huawei P30 Pro ජංගම දුරකථන හිමියන් හට මීළඟ සැප්තැම්බර් මස 8 වැනි දින සිට මෙය ලබා දීම ආරම්භ කරනු ලබන බව Huawei සමාගම වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

මීට අමතරව පහත සඳහන් වන සියළුම ජංගම දුරකථන සඳහා ද මේ EMUI 10.0 සංස්කරණය ලබා දීමට Huawei සමාගම බළාපො‍රොත්තු වන බව වාර්ථා වෙනවා.

Honor 8X, Honor 10, Honor 20, Honor 20i/20 Lite, Honor 20 Pro, Huawei P30 Pro, Huawei P30, Huawei Mate 20, Huawei Mate 20 Pro, PORSCHE DESIGN Huawei Mate 20 RS, Huawei P30 lite, Huawei P smart 2019, Huawei P smart+ 2019, Huawei P smart Z, Huawei Mate 20 X, Huawei Mate 20 X (5G), Huawei P20 Pro, Huawei P20, Huawei Mate 10 Pro, PORSCHE DESIGN Huawei Mate 10, Huawei Mate 10, Huawei Mate 20 Lite

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.