2010 වර්ෂයේදී Google සමාගම විසින් හඳුන්වා දුන් Google Cloud Print සේවාව මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකු භාවිතා කරනු ලබන සේවාවක් බවට පත්ව තිබෙනවා.

කොහොම නමුත් Google සමාගම විසින් නිළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට මේ Google Cloud Print සේවාව නවත්වා දැමීමට තීරණය කර ඇති බවත්, අදාල කටයුත්ත සිදු කිරීම සඳහා වෙනත් මාධ්‍යයක් භාවිතා කිරීමට කටයුතු කරන ලෙසත් ය.

Migrate from Cloud Print to native printing - Google Chrome Enterprise Help
Cloud Print, Google’s cloud-based printing solution that has been in beta since 2010, will no longer be supported as of December 31, 2020. Beginning January 1, 2021, devices across all operating sys

මේ Google Cloud Print සේවාව හරහා cloud-connected printer වලින් printout ලබාගැනීමේ හැකියාව ලබාදෙන අතර මෙය Chrome OS භාවිතා කරන්නන් හට printing කටයුතු සිදු කරගැනීම සඳහා මූලිකව නිර්මාණය කරනු ලැබුවා.

එමෙන්ම බොහෝමයක් Android devices වල මේ පහසුකම native ලෙසම අන්තර්ගත කිරීමට කටයුතු කර තිබෙන බව දැකගත හැකි වෙනවා.

මෙම සේවාවේ විශේෂත්වය වන්නේ මේ සඳහා cloud-connected printed එකක් භාවිතා කිරීම අත්‍යාවශ්‍යය නොවීම නිසාවෙනුයි.

ඔබගේ Google account එක connect කර ඇති PC එකකට සම්බන්ධ වූ printer එකක් තිබෙන්නේ නම්, ඔබගේ ජංගම දුරකථනය මගින් මේ සේවාව හරහා අදාල PC එක සහ printer එක භාවිතා කරමින් printouts ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Support වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.