ඇමරිකාව විසින් Huawei සමාගම සමඟ ඇතිකරගත් ආරවුල සහ එහි ප්‍රතිඵලයක් ලෙස Huawei සමාගමට සිය උපාංග ඇමරිකාව තුළ අලෙවි කිරීමට හෝ අඩු තරමින් Google Mobile Service ලබාගැනීම පවා මේ වන විට අහිමිව තිබෙන බව මීට පෙර කිහිප අවස්ථාවකදීම අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google සමාගම විසින් Huawei සමාගමට ලබා දී තිබූ Android License එක අත්හිටුවීමට කටයුතු කරයි
ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ උපදෙස් හාරෙගුලාසි නිසාවෙන්, Google සමාගම විසින් Huawei සමාගම[https://en.wikipedia.org/wiki/Huawei] ඇතුළු තවත් ආයතන 70ක් සමඟින් සිදු කළ වෙළඳකටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකානු රජය විසින් Huawei සමාගම ඇතුළු එහි අනුබද්ධිත…

බොහෝමයක් Android උපාංග සම්පූර්ණයෙන්ම google mobile services මත යැපෙන පසුබිමක් මෙන්ම ඊට සාර්ථක විකල්පයක් තවමත් නිර්මාණය වී නොමැති පසුබිම තුළ ජංගම දුරකථන වෙළෙඳපොලෙහි සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමේ දැඩි තරගයකට මූණ දීමට Huawei සමාගමට සිදුව තිබෙනවා.

Google Mobile Services ලබාගැනීමට නොහැකිවීම නිසා 2019 වසර අවසානයේ සහ 2020 වසර ආරම්භයේ සිට නිකුත් කළ P40 Line-up එක Mate 30 Line-up එක ආදී Huawei සියලුම දුරකථන පාහේ නිකුත් කරන්නට සිදු වූයේ GMS නොමැතිවයි.

Google Services නොමැතිව Huawei Mate 30 ජංගම දුරකථනය එළිදැක්වීමට Huawei සමාගම කටයුතු කරයි
මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කළ බව පසුගිය අගෝස්තු මාසයේදී අපි ඔබව දැනුවත් කරන්නට කටයුතු කළාමතක ඇති. මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කරයිචීනය හා ඇමෙරිකාව අතර ඇති වූ වෙළඳ යුද්ධය…

ඊට Huawei සමාගම Huawei App Gallery, Huawei Mobile Service(HMS) ආදී විවිධ විකල්ප හඳුන්වා දෙනු ලැබූවත් තවමත් පාරිභෝගිකයින් බලාපොරොත්තු වෙන්නේ ගූගල් සේවා ලබා ගැනීම වන නිසාවෙන් Huawei සමාගම හඳුන්වාදුන් විකල්ප තුළ සාර්ථකත්වයක් අත්කර ගන්නට Huawei සමාගම තවමත් සමත් වී නැහැ.

කෙසේ වෙතත් ඇමෙරිකාව විසින් හුවාවි සමාගමට පනවා ඇති මෙම රෙගුලාසි වලංගු අලුතෙන් නිකුත් කරන දුරකථන වලට පමණක් වන අතර පැරණි දුරකථන වලට එම නීති රීති අදාළ වන්නේ නැති බවයි වාර්තා වන්නේ.

මේ නිසා Google සේවා සහිතව අලුත් දුරකතන නිකුත් කරන්නට Huawei සමාගම අපූරු උපක්‍රමයක් කල්පනා කරන බවට උපකල්පනය කළ හැකි පුවතක් අන්තර්ජාලයට නිකුත්ව තිබෙනවා.

එනම් පසුගිය වසරේ නිකුත්කරන ලද Huawei P30 Pro දුරකථනය "P30 Pro New Edition" නමින් නැවත Google සේවා සහිතව නිකුත් කිරීමට සමාගම සූදානම් වන බව එම පුවතේ සඳහන් වන අතර Huawei සමාගමේ ජර්මානු consumer page එකේ Digital Trending හි මෙම පුවත දැකිය හැකිය.

මීට පෙර Huawei සමාගම P30 Lite දුරකථනයද Google සේවා සහිතව New Edition එකක් ලෙස නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කරනු ලැබුවා.

Teilnahmebedingungen – HUAWEI P30 Serie Vodafone & Otelo Promotion | HUAWEI Deutschland
Erfahre mehr über die Teilnahmebedingungen der HUAWEI P30 Serie Vodafone & Otelo Promotion.
Huawei සමාගමේ ජර්මානු consumer page එක

Google Mobile Service සමග දැනට නිකුත් කර ඇති බොහොමයක් උපාංග Huawei සමාගමට යම් යම් වෙනස්කම් සිදු කර නැවත නිකුත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති බව සඳහන් වන අතර ඒවායේ Software හා Hardware වර්තමාන google service සඳහා ද බාධාවකින් තොරව සහය දක්වන්නෙ නම් Huawei සමාගමට කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැහැ.

P30 Line-up එක මෙම අවශ්‍යතා සපුරන නිසා එම දුරකතනයට Design, Colour Changes, වැඩි කරන ලද RAM, Internal Storage ආදී යම් යම් වෙනස්කම් සිදු කොට New edition එකක් ලෙස නැවත නිකුත් කිරීමට සමාගමට හැකියාව තිබෙනවා.

කෙසේවෙතත් පැරණි P30 Pro උපාංගයෙක් New Edition එක වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳව තහවුරු කරන ලද තොරතුරක් වාර්තා නොවන අතර SoC Upgrade කිරීමට නොහැකි නිසා Huawei හි නවතම Chipset එක වන Kirin 990 සමඟ ලැබෙන නව පහසුකම් මෙම New Edition එක සමඟ ලැබේවියැයි අනුමාන කිරීම ද කළ නොහැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Huawei ජර්මානු වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.