Apple සමාගම විසින් ඔවුන්ගේ MacBook Pro products මාලාවට අලුතින් අඟල් 13ක් MacBoo Pro එකක් හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර එය, Intel 10th-Gen processors එකකින් සමන්විත වන බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ අලුත් MacBook Pro එක නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ පැරණි Butterfly keyboard එක වෙනුවට, Magic Keyboard එක අන්තර්ගත කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර මෙහි සාමාන්‍යය ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් $1,299 වෙනවා.

මේ අලුත් laptop පරිගණකය මීට පෙර මාදිලියේ තිබුණු graphic speed එකට වඩා 80% ගුණයකින් වේගවත් බවත්, 16GB RAM, 256GB සිට 4TB දක්වා upgrade කළ හැකි storage එකකින් ද සමන්විත වන අතර Apple සමාගමේ 6K Pro Display එකක් සඳහා ද සහාය දක්වන බව වාර්ථා වේ.

මෙහි base model එක වන ඩොලර් 1,299ක මාදිලිය මීට පෙර පැවති මාදිලියේ පැමිණි 128GB storage එක වෙනුවට, 256GB storage එකකින් සමන්විත වන අතර මීට පෙර 8GB RAM එක 16GB දක්වා upgrade කිරීමට අය කළ මුදල ඩොලර් 200 සිට 100 දක්වා අඩු කිරීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා.

MacBook Pro 13-inch
The 13-inch MacBook Pro features quad-core processors and up to 80% faster graphics, Magic Keyboard, T2 Security Chip, and brilliant Retina display.

පසුගිය මැයි 4 වැනි දින සිට මේ අලුත් 13-inch MacBook Pro එක Apples website එක හරහා මිලදීගැනීමේ හැකියාව ලබාදී ඇති අතර තෝරාගත් Apple Stores සහ Apple Authorized Reseller වරුන් හරහා මෙම සතිය අග වන විට මෙම MacBook Pro එක මිලදි ගැනිමට හැකියාව ලබාදීමට ද Apple සමාගම සූදානමින් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Techcrunch වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ Theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක