Hummer යනු General Motors සමාගම විසින් එළිදක්වන ලද සුපිරි SUV හා Truck මාදිලි නාමයක් වන අතර Hummer නම් වූ මෙම සුපිරි වෙළඳ නාමය පිළිබඳව මීට පෙර ඔබ අසා ඇති බවට කිසිදු සැකයක් නැහැ.

නමුත් අධික ඉන්ධන පරිභෝජනය නිසා හා වෙනත් විවිධ හේතු නිසා පසුගිය දශකයකට ආසන්න කාලයක සිට ඔවුන්ට සිය වෙළඳපොල අහිමි වී තිබෙන අතර, එම පසුබෑම මතින් යළි නැගී සිටින්නට ඔවුන් සූදානම් වන පුවතක් මේ වන විට වාර්තා වෙනවා.

ලෝකප්‍රකට electric vehicle නිෂ්පාදකයෙක් වන Tesla සමාගම විසින් Tesla Cybertruck නමින් electric ට්‍රක් එකක් එළිදැක් වූ බව ඔබට මතක ඇති. ඔබට අමතක නම් අප විසින් මීට පෙර පල කළ මෙම ලිපිය කියවීමෙන් ඔබට ඒ පිළිබඳව මතකය යළි අවදි කරගැනීමට හැකියාව තිබෙනවා.

Tesla Cybertruck එක වෙනුවෙන් දැනටමත් preorders 200,000ක් ලැබී තිබෙන බව Elon Musk ප්‍රකාශ කරයි
Tesla සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම මෝටර් රථය වන Teslta cybertruck එක[https://www.tesla.com/cybertruck/] එළිදැක්වීමට පසුගියදා කටයුතු කරනු ලැබූ අතර එයලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට යොමු වූයේ අදාල එළිදැක්වීම අතරතුර සිදු වූ වීදුරුබිඳීයාමක් නිසාවෙනි. කොහොම වුණත් මේ වන විට රටවල් ගණනාවක් පුරාවට 200,000කට …

ඉතින් Tesla සමාගමේ මෙම Cybertruck රථයට අභියෝග කළ හැකි සුපිරි electric ට්‍රක් එකක් එළිදක්වන්නට Hummer හි මව් සමාගම වන General Motors සමාගම සූදානමින් සිටින අතර සිටින අතර එය Hummer EV ලෙස මාදිලි 4කින් යුතු වෙනවා.

ඉතින් මේ සුපිරි electric ට්‍රක් එකේ මාදිලි 4 පිළිබඳව මෙතැන් සිට අප වෙන වෙනම විමසා බලමු.

Hummer EV Edition 1

මෝටර් තුනකින් බලගැන්වෙන මෙම මදිලිය, මෙම රථ මාලාවේ ප්‍රධාන මාදිලිය වන අතර එය 2021 අග භාගයේදී එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා. එමෙන්ම 1,000hp/11,500 lb-ft, torque එකකින් සමන්විත මෙම මාදිලිය 0 සිට 60mph දක්වා වූ වේගයක් ලබා ගැනීමට වැය කරන්නේ තත්පර 3 ක් පමණයි.

එමෙන්ම වරක් ආරෝපණය කිරීමෙන් 400km කට ආසන්න Driving Range එකක්ද මෙම මාදිලිය සතු වෙන අතර මෙම සුපිරි මාදිලිය ඩොලර් 112,600 ක පමණ මිලකට මිල සඳහන් කර තිබෙනවා.

Hummer EV 3X

මෙම රථයද මෝටර් තුනකින් බලගැන්වෙන අතර එයට 350km කට ආසන්න driving range එකක් තිබෙනවා. 800hp/9500 lb-ft, torque එකකින් සමන්විත මෙම මාදිලිය ඩොලර් 99,000 ක් පමණ මිල වන බව දැනගන්නට ලැබෙන අතර 2022 වර්ෂයේදී නිකුත් කිරීමට නියමිත වෙනවා.

Hummer EV 2X

ඉහත මාදිලි දෙකම මෝටර් තුනකින් බලගැන්වුනද මෙම මාදිලිය මෝටර් දෙකකින් පමණක් බලගැන්වෙන බව දැනගන්නට ලැබෙන අතර මෙයටද 350km ආසන්න Driving Range එකක් තිබෙනවා.

625hp/7400 lb-ft, torque එකකින් මෙම රථය සන්නද්ධ කර තිබෙන අතර මෙම මාදිලිය 2023 දී නිකුත් කිරීමට නියමිත අතර එහි මිල ලෙස සටහන් වන්නේ ඩොලර් 90000ක් ලෙසයි.

Hummer EV 2

මෙම මාදිලි හතරෙන්ම බලයෙන් අඩුම මාදිලිය මෙම Hummer EV 2 මාදිලිය වන අතර එය මෝටර් දෙකකින් බලගැන්වෙන අතර 300km කට ආසන්න Driving Range එකක් තිබෙනවා.

මෙම මාදිලියද 625hp/7400 lb-ft, torque එකකින් සන්නද්ධ කර තිබෙන අතරඑය 2024 වසරේදී ඩොලර් 80000 ක පමණ මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා.


General Motors සමාගම පෙන්වා දෙන පරිදි මෙම Hummer EV මාදිලියට ඇති four weel steering system එක මගින් රථයට හුදු ඉදිරිපසට හා පසුපසට ගමන් කිරීම වෙනුවට කකුළුවෙකු මෙන් හරහටද ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.

මෙම හැකියාව නිසා off-road අවස්ථාවලදී සමහර අපහසු ස්ථාන වලින් රථය ඉවතට ගැනීමට හැකියාව තිබෙන බව General Motors සමාගම පෙන්වා දෙනවා.

මෙම රථ වල ඇති විශේෂ Air suspension system එක නිසා රථය අඟල් හයක් පමණ එසවිය හැකි අතර, එය ගල් ගොඩැලි සහිත අපහසු මාර්ගවල පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය හැකියාව ලබා දෙනවා.

එමෙන්ම මෙහි යට තට්ටුව වානේ වලින් ආවරණය කර ඇති නිසා, අපහසු මාර්ග වල දී වාහනයේ යට කොටස බිම වැදුණ ද ඒවායින් රථයට හෝ රථයට සවි කර ඇති බැටරි පද්ධතියට හානියක් සිදු වන්නේ නැහැ. මීට අමතරව වීඩියෝ කැමරා 18කින් සන්නද්ධ මෙම රථයට විවිධ කෝණවලින් රථය වටා දර්ශන ලබා ගත හැකි අතර ඒ නිසා රියැදුරුට පහසුවෙන් රථය හැසිරවීමට අවකාශ ලබා දෙනවා.

එමෙන්ම මෙම සුපිරි electric රථයට හැකිලිය හැකි වහලයක් සහ හැකිලිය හැකි back window එකක් ලබාදී තිබෙන අතර මේ හේතුව නිසා සම්පූර්ණයෙන්ම open view අත්දැකීමක් ලබාගැනීමට රියදුරාට හා ගමන් කරන්නන්ට හැකියාව ලැබෙනවා.

ඉතින් මෙම සුපිරි රථය Tesla සමාගමේ Cybertruck රථයට කුමන ආකාරයේ අභියෝගයක් ලබා දෙනු ඇත්දැයි පැවසීමට තවමත් කල් වැඩි නමුත්, Hummer යන සුපිරි මාදිලිය යළි මහමග අණසක පතුරවන කාලය වැඩි ඈතක නොවන බව නම් අනුමාන කල හැකියි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Hummar වෙබ් අඩවිය, CNN වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.