Huawei උපාංග තම රාජ්‍යයේ ආරක්ෂාවට අභියෝගයක් බව චෝදනා කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා Huawei උපාංග ඇමරිකාව තුළ අලෙවි කිරීම තහනම් කළේ පසුගිය මැයි මාසයේදීයි.

Google සමාගම විසින් Huawei සමාගමට ලබා දී තිබූ Android License එක අත්හිටුවීමට කටයුතු කරයි
ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ උපදෙස් හාරෙගුලාසි නිසාවෙන්, Google සමාගම විසින් Huawei සමාගම[https://en.wikipedia.org/wiki/Huawei] ඇතුළු තවත් ආයතන 70ක් සමඟින් සිදු කළ වෙළඳකටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකානු රජය විසින් Huawei සමාගම ඇතුළු එහි අනුබද්ධිත…

එමෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ flagship ජංගම දුරකථන මාලාවක් වන Huawei Mate ජංගම දුරකථන මාලාවේ නවතම මාදිලිය වන Huawei Mate 30 ජංගම දුරකථනය Google Apps නොමැතිව එළිදැක්වීමට ද කටයුතු කරනු ලැබුවා.

Google Services නොමැතිව Huawei Mate 30 ජංගම දුරකථනය එළිදැක්වීමට Huawei සමාගම කටයුතු කරයි
මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කළ බව පසුගිය අගෝස්තු මාසයේදී අපි ඔබව දැනුවත් කරන්නට කටයුතු කළාමතක ඇති. මීළඟ Huawei ජංගම දුරකථනයට Google Apps ඇතුලත් කිරීම තහනම් බව Google සමාගම නිළවශයෙන් ප්‍රකාශ කරයිචීනය හා ඇමෙරිකාව අතර ඇති වූ වෙළඳ යුද්ධය…

එය එසේ තිබියදී 2019 වසරේ ලොව පුරා ජංගම දුරකථන අලෙවි වූ ප්‍රමාණයන් ගැන තොරතුරු gizchina.com වෙබ් විසින් වාර්තා කොට තිබෙන අතර එයට අනුව තහනම හමුවේ වුවත් ඇපල් සමාගම අභිබවා යාමට Huawei සමාගම සමත් වී ඇති අතර වේ වන විට Samsung සමාගමට වඩා 3.6 % ප්‍රමාණයකින් පිටුපසින් සිටීමට මොවුන් සමත් වී තිබෙනවා.

මේ අනුව Samsung සමාගම තවදුරටත් ලොව ජංගම දුරකථන අලෙවියේ ප්‍රමුඛයා වන අතර දෙවැනි ස්ථානයේ Huawei සමාගමත්, තෙවැනි ස්ථානයේ Apple සමාගමත් පසු වෙනවා.

2019 වර්ෂයේදී ජංගම දුරකථන ඒකක මිලියන 251 ක් අලෙවි කිරීමට Huawei සමාගමට හැකි වී ඇති අතර එය සම්පූර්ණ ජංගම දුරකථන වෙළඳපොලෙන් 17.7% වෙළඳපල කොටසක් වන බව දැකගත හැකි වෙනවා.

තවද එය 2018 දී තිබූ 14.4% වෙළඳපල කොටස හා සසඳන විට විශාල වැඩිවීමක් වන අතර ඊට ප්‍රතිවිරුද්ධව Samsung සමාගම ඒකක මිලියන 323 ක් අලෙවි කරමින් 21.3% ක වෙළඳපල හිමිකාරත්වයක් අත් කරගෙන තිබෙනවා.

කොහොම නමුත් 2019 වසරේදී ඇපල් සමාගමට හැකි වී තිබෙන්නේ iPhone ඒකක මිලියන 193 ක් පමණක් අලෙවි කිරීමට වන අතර එය 13.6% ක වෙළඳපල කොටසකි.

ඇමරිකානු තහනම මධ්‍යයේ වුවද Huawei සමාගම සිය ස්ථාවරත්වය රැක ගැනීමට සමත් වී ඇති අතර එයට හේතුව වී ඇත්තේ චීනය තුළ Huawei සමාගමට ඇති වෙළඳපොල තව තවත් පුළුල් වීම බව දැකගත හැකි වෙනවා.

වාර්තා වන පරිදි චීනය තුළ Huawei වෙළඳපොල 2019 වසරේදී 40% ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2018 තුන්වන කාර්තුවේ දැක්වුනේ 23% ක් ලෙසයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, Korea Herald වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.