Google සමාගම විසින් ඔවුන්ගේ Google Maps Street View සහ Google Earth ඔස්සේ ලොව විශාල ප්‍රදේශයක් ඡායාරූපගත කර ඇති බව මේ වන විට ඔබ දන්නවා ඇති වුවත්, එය සම්පූර්ණ ලෝකයෙන් කොපමණ ප්‍රමාණයක් ද යන්න හරි අවබෝධයක් නැතිව ඇති.

Google Maps 101: how imagery powers our map
We’ll explore how we collect, process and use imagery in one of our most popular features.

කොහොම වුණත් පසුගිය 13 වැනි දින Google සමාගම විසින් මේ තොරතුරු ප්‍රකාශයට පත් කර ඇති අතර මේ අනුව Google Street View හරහා කිලෝමීටර් මිලියන 16ක පමණ ප්‍රදේශයක් ආවරණය කර ඇති බවත්, Google Earth හරහා වර්ග කිලෝමීටර් මිලියන 57ක පමණ ප්‍රදේශයක් ආවර්ණය කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව ලෝකයේ මිනිසුන් ජීවත් වන ප්‍රදේශ වලින් 98%ක පමණ ප්‍රමාණයක් ආවරණය කිරීමට Google සමාගම සමත් වී ඇති බවත් Apple Maps වැනි අනෙකුත් සියළුම Map සේවාවන් වලට වඩා පියවරක් ඉදිරියෙන් සිටින බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ ආකාරයේ ඡායාරූප ප්‍රමාණයක් ලබාගැනීම ලෙහෙසි කටයුත්තක් නොවූ බවත්, මේ සඳහා camera 9ක් සහිත මෝටර් රථ සහ බෝට්ටු ගණනාවක් මෙන්ම මෝටර් රථ ගමන් කිරීමේ හැකියාව නොමැති මාර්ග වල බැටළුවන්, ඔටුවන් වැනි සතුන් මත මිනිසුන් camera සහිත backpack එකක් සමඟින් මිනිසුන් හරහා සති, මාස ගණනාවක් තිස්සේ මේ කටයුත්තෙහි නියැළුනු බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, The Verge වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.