HUAWEI Developer Day යනු HUAWEI ආයතනය විසින් තමන්ගේ නව තාක්ෂණික ප්‍රවණතා පිළිබදව දැනුවත් කරන event එකක් ලෙස සරලව පෙන්වාදිය හැකිය.

මෙම වසරේදී HUAWEI Developer Day එක මගින් Gaming industry එක පිළිබදව වැඩි අවධානයක් යොමුකර ඇති අතර මීට අමතරව නවතම තාක්ෂණික තොරතුරු, trends, tips වැනි දේ පිළිබදවද සාකච්ජා කිරීමට නියමිතයි.

විශේෂයෙන්ම HMS (Huawei Mobile Service) පිළිබදව හා තමන්ගේ AppGallery සේවාව පිළිබදවද සාකච්ජා කරනු ඇත.

මෙම Event එක පැවැත්වීමට නියමිතව ඇත්තේ  2020 April 30 වැනි දින වන අතර මෙය සජීවී විකාශනයක් හරහා පවත්වනු ලබනවා. ඒ අතරතුරදී සජීවී ලෙස ප්‍රශ්න ඇසීමට ද ඔබට අවස්ථාව හිමි වෙනවා.

මේ Link එක හරහා ගොස් මේ event එක සඳහා register වීමේ හැකියාව ඇති අතර පහතින් දැක්වෙන්නේ event එක තුල කතාබහ කිරීමට නියමිත ප්‍රධාන මාතෘකා පිළිබඳවයි.

Develop:

  • HMS Core for Your Games: Easy, Fast, Precise
  • Unity Case Study
  • Build Immersive Gaming Experience with HMS Capabilities
  • Perfect World Games Case Study

Grow:

  • Grow Your Game Business with App Gallery
  • Huawei Provides Multi-Resources Support for Your Games
  • Game of Thrones Case Study

Monetize:

  • Monetize with Huawei Ads
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-developers වෙබ් අඩවිය සහ Huawei නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.