ආසන්න වශයෙන් credit card ලක්ෂ 4ක් පමණ මේ වන විට Dark Web හැකර්වරුන් විසින් අන්තර්ජාලයේ ඇති විශාලතම card වෙළඳසැල ලෙස සැළකෙන Joker's Stash නම් වූ online වෙළඳපොල හරහා අලෙවි කරමින් ඇති බව වාර්ථා වෙනවා.

මේ සියළුම card සඳහා ඇමෙරිකානු ඩොලර් $1,985,835 ක මිලක් නියම කර ඇති අතර එක් card එකක් සඳහා ආසන්න වශයෙන් ඩොලර් 5ක් වැනි මුදලක් අය කරගනු ලබනවා.

එමෙන්ම මේ දත්ත වලින් අවම වශයෙන් 30-40%ක පමණ ප්‍රමාණයක validity rate එකක් බළාපොරොත්තු විහ හැකි බව මෙම හැකර්වරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

397,365 වන සම්පූර්ණ දත්ත ප්‍රමාණයෙන් cards 198,233ක්, එනම් 49.9%ක ප්‍රමාණයක් දකුණු කොරියානු cards ද, තවත් 49.3%ක ප්‍රමාණයක් ඇමෙරිකානු cards වලින් ද සමන්විත වන අතර මේ සියළුම card ප්‍රසිද්ධ බැංකු සහ මූල්‍යය ආයතන වලින් නිකුත් කරනු ලැබූ ඒවා වෙනවා.

මෙහි අන්තර්ගත වන දත්ත අදාල credit සහ debit card වල Track 2, එනම් magnetic stripe එකෙහි (චුම්භක පටියෙහි) save කර ඇති දත්ත වන අතර මේ අනුව බොහෝ විට supermarket වල ඇති POS terminal මෙන්ම ATM machine හරහා මේ card පිළිබඳව වන දත්ත සොරා ගන්නට ඇතැයි අනුමාන කරනවා.

මේ දත්ත සියල්ලම පාහේ Track 2 data වන බැවින් මෙය e-commerce වෙබ් අඩවි වලින් සිදු වූ data breach එකක් නොවන බව ද අනුමාන කළ හැක්කේ එම වෙබ් අඩවි වලදී මේ Track 2 දත්ත භාවිතා නොකරන බැවිනි.

මේ අනුව Bank identification number (BIN), Account number, card expiray date, Carv verification value (CVV) ඇතුලු තොරතුරු මේ අතර වන බව පරීක්ෂකයන් පෙන්වා දෙනවා.

මේ අනුව මෙම දත්ත වලින් online මිලදීගැනීම් සිදු කළ නොහැකි බවත්, මේ හරහා මුදල් ලබාගැනීමට නම් මෙම දත්ත නැවතත් හිස් card වලට copy කර, එම card හරහා ATM වලින් මුදල් ලබාගැනීම මෙන්ම වෙළඳසැල් වලින් මිලදීගැනීම් සිදු කිරීමේ හැකියාව ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bleeping Computer වෙබ් අඩවිය හා Hackread වෙබ් අඩවිය භාවිතා කළ හැක.