පසුගිය දිනක Gmail වලට අළුතින් එකතු වූ Confidential Mode එක Gmail mobile app එකට එකතු වුණු බව අපි ලිපියකින් වාර්ථා කළා මතක ඇති.

මේ ගැන අපි රැගෙන ආ කලින් ලිපිය කියවීමෙන් Confidential Mode එක කියන්නේ මොකක්ද, එහි හොඳ සහ නරක පිළිබඳව සරළ අදහසක් ලබා ගැනීමට ඔබට හැකි වේවි.

මේ Confidential Mode එක කියන්නේ බොහෝ වෙලාවට අපිට වැදගත් වන පහසුකමක් නිසාවෙන් මේ ලිපිය හරහා ඒ Confidential Mode එක භාවිතා කරන ආකාරය ගැන සරළව පෙන්වා දෙන්න අපි කටයුතු කරන්න හිතුවා.

මෙම පහසුකම භාවිතා කිරීම සඳහා ඔබ සතු විය යුතු දේවල්

මේ සඳහා පසුගිය අගෝස්තු මස 22 වන දා Google සමාගම විසින් නිකුත් කරනු ලැබූ Gmail app එක ඔබේ ජංගම දුරකථනයේ ස්ථාපනය කර තිබීම පමණක් ප්‍රමාණවත් වෙනවා.

මෙම පහසුකම භාවිතා කරන ආකාරය සරළව

  1. මෙහි පෙන්වා තිබෙන පරිදි Gmail app එක open කර compose mail button එක හරහා අළුත් email එකක් ලියන screen එකට පැමිණෙන්න. එහි දකුණු පස ඉහලින් ඇති 3dot button එක හරහා menu එක ලබාගත් විට Confidential Mode යනුවෙන් අළුත් option එකක් එකතු වී තිබෙනු දැකගැනීමට ඔබට හැකි වේවි.

confidential-mode-1-tech-news-sri-lanka

  1. මේ අළුත් Confidential Mode option එක මත tap කිරීමෙන් අනතුරුව ඔබට පහත දැක්වෙන ආකාරයේ screen එකක් දිස් වනු ඇති අතර මෙහිදී ඔබට options දෙකක් සැකසිය හැකි වෙනවා.

    • Email එක සඳහා කල් ඉකුත් වන දිනයක් ලබා දීම
    • මෙම Email එක බැලීම සඳහා SMS හරහා passcode එකක් අවශ්‍යය බව සනාථ කිරීම

confidential-mode-2-tech-news-sri-lanka

අදාල සැකසුම් ලබා දී අවසන් වූ පසුව SAVE button එක මත tap කිරීමෙන් නැවතත් compose mail screen එකට පැමිණෙන අතර එහි අදාල පණිවිඩය සටහන් කොට සාමාන්‍යය පරිදි යැවිය හැකි වෙනවා.

  1. ඉහත settings වලදී ඔබ විසින් SMS Passcode option එක තෝරනු ලැබුවහොත්, send කිරීමේදී මෙම email එක ලබන්නාගේ ජංගම දුරකථන අංකය ලබා දීමට සිදු වන අතර, අදාල තොරතුරු ලබා දීමෙන් පසුව සාමාන්‍යය පරිදි email එක send කළ හැකි වෙනවා.

confidential-mode-3-tech-news-sri-lanka

ඉතින් මෙලෙස Confidential Mode එක භාවිතා කර email එකක් යැවූ විට මෙම email එක ලබන්නා විසින් එය open කළ පසුව, අදාල passcode එක ලබා ගැනීමට ඔහුව යොමු කරනු ලබන අතර ජංගම දුරකථනයට ලැබෙන අදාල Passcode එක සමඟින් එම email එක බැලීමට ඔහුට/ඇයට හැකියාව ලැබෙනවා.

ඉතින් ඉතාමත් සරළ පියවර කිහිපයකින් මෙසේ (තරමක් දුරට) ආරක්ෂිත ආකාරයෙන් email එකක් යැවීමට ඔබට හැකියාව ලැබෙනවා වුවත් මෙය ඔබගේ දත්ත ආරක්ෂා කරගැනීම සඳහා තිබෙන හොඳම ක්‍රමය නොවන බවත් මතක තබාගත යුතු වෙනවා.