Google කියන්නේ මේ වෙනකොට ලොව හොඳම search engine එක බව කොයි කවුරුත් දන්නවා. ඒ වගේම පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාලය තුල ඇති තොරතුරු සෑම කෙනෙකුටම ලඟා කිරීම වෙනුවෙන් Google සමාගම කටයුතු කරන්නට කටයුතු කරනු ලැබූ බවත් මේ වන විට නොරහසක්.

ලොව search engine වෙළඳපොලෙන් 80% ක පමණ ප්‍රමාණයකට හිමිකම් කියන මේ දැවැන්ත ආයතනය මේ වන විට ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයින්ට පවා තම සේවාවන් භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කරන්නට සමත් වෙලා තිබෙන බව පසුගිය පුවත් වලින් අපට දැකගන්නට ලැබුණා.

මේ Google Go කියන app එක මේ වසරේ අප්‍රේල් මාසයේ එළි දැක්වීමට Google සමාගම කටයුතු කළ අතර, මෑත කාලීනව එම app එකට විවිධ ආකාරයේ වැඩිදියුණු කිරීම් සිදු කරන්නට මොවුන් කටයුතු කළා.

ඔන්න දැන් එහි අළුත්ම පහසුකම වන, වෙබ් අඩවි ශ්‍රව්‍ය මාධ්‍යයෙන් කියවීමට හැකියාව මේ Google Go app එකට එකතු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා. මෙහිදි ඕනෑම වෙබ් අඩවියක් කියවීමට මෙම app එකට හැකියාව ඇති අතර, මෙලෙස කියවන වේගය වෙනස් කරගැනීමට භාවිතා කරන්නාට අවස්ථාව ලැබෙනවා.

Google-Go-Reading-tech-news-sri-lanka

ඉතින් මේ අළුත් පහසුකමත් මේ වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉලක්ක කරගෙන නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර හින්දි, බෙංගාලි, මලයාලම් සහ දමිල භාශාව ඇතුළු භාශාවන් 28 කින් මෙම සේවාව ලබා දීමට Google සමාගම අදහස් කරගෙන සිටින බවත් වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.