Android කියන්නේ මේ වෙනකොට මුළු ලෝකයේම mobile phone වලින් 85.9% ක ප්‍රමාණයකම ධාවනය වෙන මෙහෙයුම් පද්ධතියක් බවට පත් වෙලා තියනවා.

නමුත් ලොව පළමුවැනි Android phone එක නිෂ්පාදනය කලේ කවුරුන්ද කියලා ඔබ මොහොතකට වත් හිතලා තියනවා ද? ඒ වෙන කවුරුවත් නෙවෙයි, අපි කවුරුත් දන්න HTC සමාගම තමයි මුල්ම Android phone එක නිෂ්පාදනය කරලා තියෙන්නේ.

htc_dream_techie

මේ වෙනකොට වාර්ථාගත විදිහට තම වෙළඳ කටයුතු වල පසුබෑමක් දකින්න ලැබුණත්, මේ HTC සමාගම කියන්නේ smartphone ලෝකය නිතරම නව්‍යකරණයට ලක් කිරීමට උර දුන් ආයතනයක්.

1997 වර්ශයේදී white label manufacturer කෙනෙක්, එහෙමත් නැතිනම් වෙනත් සමාගම් සඳහා ඔවුන්ගේ brand name යටතේ devices නිෂ්පාදනය කරමින් ආරම්භ කළ මේ HTC සමාගම HP iPAQ Pocket PC, Palm OS එක ධාවනය වන මුල්ම devices අතුරින් එකක් වන Palm Treo 650 එක, Qtek 1010 වැනි devices මුල් කාලයේදී නිෂ්පාදනය කළා. ඒ වගේම මේ වන විටත් Google Pixel එක, Pixel XL එක වගේම Pixel 2 එක නිෂ්පාදනය කරන්නෙත් මේ HTC සමාගමේ නිෂ්පාදානාගාර වලයි.

google-pixel-techie

පළමුවෙනි Android, Windows, 3G, 4G ජංගම දුරකථන

මීට අවුරුදු කිහිපයකට පෙර අනෙකුත් සෑම ජංගම දුරකථන නිෂ්පාදකයෙකුටම වැඩියෙන් පියවරක් ඉදිරියෙන් සිටීමට HTC සමාගම සමත් වුණා. ලොව ප්‍රථම Android දුරකථනය (HTC Dream), ප්‍රථම Windows දුරකථනය (HTC Canary), ප්‍රථම 3G දුරකථනය (HTC MTeoR) මෙන්ම ලොව ප්‍රථම 4G ජංගම දුරකථනය (HTC Evo 4G) නිෂ්පාදනය කලෙත් මේ HTC සමාගමෙන්. මේ කාළය තුළ ජංගම දුරකථන මිලියන ගණනක අලෙවියක් මේ ආයතනය සතු වුණා.

worlds-first-4g-phone-htc-evo-4g-lte-techie

විශේෂයෙන්ම ඉහත සඳහන් කළ HTC Dream devices පමණක් මිලියනයකට අධික ප්‍රමාණයක් නිකුත් කළ පළමු වසර ඇතුලත අලෙවි කිරීමට සමත් වූ ඔවුන් පළමු 4G දුරකථනය වූ HTC Evo 4G devices 150,000 ක් පළමු සතිය ඇතුලතදී අලෙවි කිරීමට සමත් වුණා.

පළමු Android skin එක

මේ වෙනකොට සෑම Android දුරකථනයකම වගේ නිෂ්පාදකයාට ආවේණික Android skin එකක් තියනවා. උදාහරණයක් වශයෙන් Samsung වල Samsung Experience, Huawei වල EMUI වගේම Xiaomi වල MIUI වගේ Android skins භාවිතා වෙනවා.

worlds-first-android-skin-htc-sense-techie

නමුත් වසර කිහිපයකට පෙර HTC Sense එකට අභියෝග කළ හැකි කිසිඳු Android skin එකක් නිර්මාණය කිරීමට වෙනත් කිසිම නිෂ්පාදකයෙකුට නොහැකි වුණා. විශේෂයෙන්ම එහි අන්තර්ගත කර තිබූ weather widget එක ලොව පුරා අතිශයින්ම ජනප්‍රියත්වයකට පත් වී තිබුණා. ඒ වගේම මේ HTC Sense කියන්නේ ලොව ප්‍රථම Android skin එක වෙනවා.

2011 වර්ශය වන විට ඇමෙරිකාවේ විශාලතම smartphone නිෂ්පාදකයා බවට HTC සමාගම පත්ව සිටි අතර දෙවනුව Samsung සහ තෙවනුව Apple සමාගම දකින්නට ලැබුණා. ඒ වගේම GSMA ආයතනය මගින් HTC සමාගම 2011 වර්ශයේ දී "Device Manufacturer of the Year" වශයෙන්ද නම් කරන්නට යෙදුණා.

මීට අමතරව මුලින්ම dual camera පද්ධතියක් ජංගම දුරකථනයකට එකතු කරන ලද්දේ ද මේ HTC සමාගම විසිනුයි. HTC One M8 දුරකථනයේ මෙය අන්තර්ගත වූ අතර එය දැනට පවතින dual camera පද්ධති වලට වඩා පිටුපසින් සිටියත්, 2014 වන විට කිසිඳු smartphone නිෂ්පාදකයෙකුට ඔවුන්ගේ දුරකථන වලින් ලබා ගන්නා දල ඡායාරූප වලට bockeh effect එක එකතු කරන්නට පුළුවන් කමත් තිබුණේ නැහැ. ඒ වගේම අනෙකුත් නිෂ්පාදකයින්ට මේ තාක්ෂණය අත්හදා බැලීමට 2014 වසරේ සිටත් වසර කිහිපයක් ගත වුණා.

worlds-first-dual-camera-htc-m8-techie

ඒ වගේම 2013 වර්ශය වන විට අනෙකුත් නිෂ්පාදකයින් plastic භාවිතා කර තම දුරකථන නිෂ්පාදනය කළත්, HTC සමාගම ඔවුන්ගේ දුරකථන වලට සම්පූර්ණ metal body එකක් එකතු කරන්නට සමත් වුණා. එමෙන්ම trend එකක් බවට පත් වූ dual front facing speakers එකතු කරන්නත් ඔවුන් කටයුතු කළා.

මෑත කාලීනව Edge Sense කියන තාක්ෂණය දුරකථන ලොවට හඳුන්වා දෙන්නට ඔවුන් කටයුතු කළා. මේ මගින් දුරකථනය දෙපසින් තද කරන විට යම්කිසි action එකක් හෝ app එකක් open කරගැනීමට සැකසුම් කළ හැකි වෙනවා. මෙය HTC U11 Life , U12 Plus වැනි ජංගම දුරකථන වල මෙන්ම Google Pixel XL මෙන්ම Pixel 2 XL එකෙත් දකින්නට ලැබෙනවා.

htc-edge-sense-techie

මීට අමතරව අළුත්ම trend එක වෙන transparent back එකක් සමගින් HTC U11 Plus එක ඔවුන් හඳුන්වා දුන්නා. මේ වෙනකොටත් එය Xiaomi Mi 8 Explorer Edition එකෙහි දකින්නට ලැබෙනවා. ඒ වගේම බොහෝ දුරට මීළඟට නිකුත් කරන බොහෝ smartphone වල මෙය දැකගන්න ලැබේවි.

htc-transparent-back-techie

කොහොම වුණත් වරෙක smartphone ලාෙව වැජඹුණු HTC සමාගම මේ වන විට ඉතාමත් අසීරු තත්ත්වයකට පත් වී තිබෙනවා. මම කලින් article එකකිනුත් සඳහන් කළ විදිහට මේ වන විට සේවකයින් 1,500 ක් ඉවත් කරන්නත් ඔවුන් කටයුතු කරලා තියනවා. ඉතින් ජංගම දුරකථන ලොවට නිතරම අළුත් දෙයක් ඉදිරිපත් කළ HTC සමාගමේ අනාගතය මොන වගේ වේවිද කියලා අපි බලමු.