Dell කියන්නේ අපි කවුරුත් හොඳින් දන්න hardware නිෂ්පාදකයෙකු වන අතර පසුගියදා ඔවුන් ලොව බළසම්පන්න බව අතින් වැඩිම laptop එක වෙළඳපලට හඳුන්වා දීමට කටයුතු කළා.

එය නමින් Dell Precision 7730 Mobile Workstation Developer Edition යන නමින් හැඳින්වෙන අතර Windows 10 හෝ Ubuntu Linux 16.04 සමගින් මෙය මිලදීගත හැකි වෙනවා.

workstation-precision-17-7730-techie

මෙහි hardware options ගැන සැකෙවින් බැළුවොතින් පහත සඳහන් විදිහට තමයි එය සටහන් වෙන්නේ.

  • Intel Core Xeon E-2186M 6-Core CPU
  • Nvidia Quadro P5200 16GB GPU
  • ECC – 64GB DDR4 2,400MHz RAM
  • Non-ECC – 32GB DDR4 2,666MHz RAM
  • 2TB M.2 NVMe PCIe SSD (x4 – optional RAID 0,1, 5)
  • 6-Cell 97Wh Battery
  • 17.3-inch FHD IPS Display

මීට අමතරව මේ device එක නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත හැකි හොඳම අමුද්‍රව්‍යය භාවිතා කරන්නත් Dell සමාගම කටයුතු කර ඇති බව දැනගන්න ලැබෙනවා. ඒ වගේම මෙය මීට පෙර versions වලට වැඩියෙන් 15% ක පමණ ප්‍රමාණයකින් තුනී වන අතර 15% ක පමණ ප්‍රමාණයකින් සැහැල්ලු ලෙස ද නිර්මාණය කර තිබෙනවා.

USB 3.1 (Gen 1), HDMI, Mini Display Port, RJ45, Thunderbolt 3 Type-C, සහ SD Card slot එකකුත් මේ ultimate laptop එකට එකතු කරන්නට ඔවුන් කටයුතු කර තිබෙන අතර මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් $1,479 සිට $11,500 දක්වා අපි තෝරාගන්නා hardware අනුව විහිදී යනවා.