Android වල සිට iOS වලට මාරු වන විට ඇති වන ප්‍රධාන ගැටළුවක් වන්නේ WhatsApp chat history එක ජංගම දුරකථන දෙක අතර sync කරගැනීමට හැකියාවක් නොලැබීමයි.

මෙයට හේතුව වන්නේ iOS වලදී iCloud භාවිතා කරමින් chat history එක backup කිරීමත්, Android වලදී Google Drive භාවිතා කරමින් chat history එක backup කිරීමත් වන නමුත්, මේ වන විට එම පහසුකම ලබාදීම සම්බන්ධයෙන් WhatsApp ආයතනය අත්හදාබැලීම් සිදු කරමින් සිටිනවා.

එයින් නොනැවතී, අලුත් ජංගම දුරකථන අංකයක් භාවිතා කරනු ලබන වෙනත් platform එකක පවතින ජංගම දුරකථනයකට මාරු වීමේදී ද මෙලෙස chat history එක migrate කරගැනීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටිනවා.

WhatsApp beta සංස්කරණ වල ඇති නව පහසුකම් track කරනු ලබන වෙබ් අඩවියක් වෙන WAbetainfo වාර්තා කරන පරිදි, මෙම option එක හරහා පරිශීලකයින්ට ඔවුන්ගේ chat history එක වෙනත් platform එකක සිට තවත් platform එකක් ඇති අලුත් device ඇති විට පමණක් නොව, අලුත් device එකේ අලුත් දුරකථන අංකයක් ඇති විටද chat history එක move කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සඳහන් කරනවා.

උදාහරණයක් ලෙස, ඔබේ දැනට පවතින Andoid දුරකථනයක සිට නව iPhone එකක් වෙත මාරුවීමට සමගාමීව ඔබගේ දුරකථන අංකයද වෙනස් කරන්නේ නම්, ඔබගේ පවතින WhatsApp chat history එක නව උපාංගයට මාරු කිරීමට ඔබට හැකිවෙනවා.

WhatsApp සේවාව හරහා දැනට පරිශීලකයින්ට Chat history එක නැති කර නොගෙන ඔබේ දුරකථන අංකය වෙනස් කිරීමට ඉඩ දෙන අතර, ඔබ නව උපාංගයකට සහ දුරකථන අංකයකට මාරු වන්නේ නම් එම අවස්ථාවකදී ද ඔබගේ chat history එක මාරු කිරීමටද ඉඩ දෙනු ලබනවා.

නමුත් මෙම විශේෂිත අවස්ථාවෙහිදී, නව උපාංගය - ඔබේ පැරණි ජංගම දුරකථනයේ OS එකම විය යුතු අතර එනම්, ඔබ iPhone මාදිලි දෙකක් හෝ Andoid දුරකථන දෙකක් අතර මාරු වන්නේ නම් ඔබේ chat history එක මාරු කිරීමට හැකියාව මේ හරහා ලැබෙනවා.

Andoid හා iOS සඳහා වන WhatsApp යන දෙඅංශයේම මෙම විශේෂාංගය දැනට develop වෙමින් පවතින බව WABetaInfo වාර්තා කරන නමුත් එය පරිශීලකයින්ට ලබා ගත හැක්කේ කවදාද යන්න පිළිබඳ විස්තර තවම සඳහන් වී නැති බවත් මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WhatsAppBetaInfo වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.