Huawei සමාගම විසින් වසර පුරාවටම events කිහිපයක්ම පවත්වමින් ඔවුන්ගේ product eco-system එක පිළිබඳව මාතෘකා රාශියක් ඔස්සේ ආවරණය කරන අතර ඔවුන්ගේ ප්‍රධානතම event එකක් ලෙස HDC (Huawei Developer Conference) නොහොත් Huawei සංවර්ධක සමුළුව පෙන්වා දිය හැකි වෙනවා.

COVID-19 වසංගත තත්වය නිසාවෙන් අන්තර්ජාතික ගමනාගමනය දුෂ්කර හෙයින් මේ වසරේ HDC event එකෙහි කටයුතු බොහෝමයක් online ලෙස සිදුවනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකි අතර මේ වන විට Huawei සමාගම විසින් HDC 2020 event එක සැප්තැම්බර් මස 10 වෙනිදා සිට සැප්තැම්බර් මස 12 වෙනිදා දක්වා පවත්වන බව නිවේදනය කර තිබෙනවා.

මෙම වසරේදී HDC 2020 event එක චීනයේ Dongguan හි Songshan Lake එක අසල ඇති Huawei office එකෙහි පැවැත්වෙන නමුත් සියලු ප්‍රධාන සිදුවීම් සඳහා livestreaming ක්‍රමයක් භාවිතා කරනු ඇතැයි XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

පළමු දිනයේදී keynote speech එක පවත්වන අතර ඉන් පසුව දින තුනක් පුරාවට අනෙකුත් ක්‍රියාකාරකම් සහ presentations පැවැත්වෙනු ඇති.

මෙම ඉදිරිපත් කිරීම් බොහොමයක් මෘදුකාංග සංවර්ධකයින්ගේ අවධානයට ලක් වනු ඇති අතර Huawei සමාගමෙහි ඉදිරියට පැමිණෙන උපායමාර්ග සහ consumer-facing products පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වෙනවා.

උදාහරණයක් ලෙස HDC 2019 event එකේදී Harmony OS එක එළිදැක්වීමට කටයුතු කල අතර HDC 2020 event එකේදී Harmony OS 2.0 සංස්කරණය පිළිබඳව බලාපොරොත්තු විය හැකි වෙනවා.

තවදුරටත් Android 11 මත පදනම් වූ EMUI 11 සංස්කරණය පිළිබඳව මෙන්ම නව HMS Core 5.0 kits, 5G, AI, සහ Huawei eco-system එකෙහි සිදුවන වෙනස්කම් ආදියද මෙහිදී දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Huawei Central වෙබ් අඩවිය භාවිතා කළ හැක