Facebook social media platform එකට official music video එකතු කිරීමේ හැකියාව ලබාදීමට Facebook සමාගම කටයුතු කරමින් සිටින බව මේ වන විට වාර්ථා වන අතර මේ සතියේ සිට එක්සත් ජනපද පරිශීලකයින් හට මෙම නවතම අත්දැකීම ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

Sony Music Group, Universal Music Group, Warner Music Group ආදී ප්‍රධාන සමාගම් කිහිපයක් හා තවත් කුඩා සමාගම් කිහිපයක් සමඟ ඒකාබද්ධව මෙම නව විශේෂාංගය හඳුන්වා දීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

Facebook app එකේ 'Watch' category එක යටතේ 'Music' නමින් නව tab එකක් එකතු කර, එයට මේ අලුත් Music video පහසුකම එකතු කර තිබෙන අතර පරිශීලකයන්ට සාමාන්‍ය පරිදි එම Music video වලට react කිරීමට, comment කිරීමට මෙන්ම share කිරීමට ද හැකියාව ලබා දී තිබෙනවා.

තවද ඔබ යම් Artist කෙනෙකු follow කරන්නෙ නම් ඔවුන්ගේ music video, Facebook feed එක මත නැරඹීමට අදාල පරිශීලකයන් හට හැකියාව ලැබෙන බව Facebook සමාගම පෙන්වාදෙනවා.

එමෙන්ම J. Balvin, Karol G, Sebastian Yatra, Alejandro Fernandez, Calibre 50, සහ Lele Pons යන ජනප්‍රිය ශිල්පීන්ගේ සහ කණ්ඩායම් වල Music Video ද ඉදිරි සති කිහිපය තුළ මෙම නව විශේෂාංගය වෙත එකතු කරන බව Facebook සමාගම තවදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවත් මුලින් සඳහන් කළ පරිදි තවමත් මෙම නව විශේෂාංගය දැනට ලබා දී තිබෙන්නේ එක්සත් ජනපද පරිශීලකයන්ට පමණක් වන අතර එය අනෙකුත් පරිශීලකයන් හට ලබාදීම පිළිබඳව Facebook සමාගම මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් කර නැති බවත් මෙහිදී සඳහන් කළ යුතු වනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.