Google Maps සේවාවට එකතු වූ නව පහසුකම් කිහිපයක් පිළිබඳව පසුගිය දින වල අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළ කළා මතක ඇති.

මේ අතර Google Maps වෙත ඇතුලත් කිරීමට නියමිත නවතම පහසුකම ඔස්සේ පරිශීලකයන්ට එකිනෙකාගේ Profiles follow කිරීමේ හැකියාව ලබා දෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

Know who’s in the know: Get community updates in Maps
Get even better local recommendations on Google Maps

මෙහිදි යම්කිසි Google Maps පරිශීලකයෙකු විසින් යම් ස්ථානයක ඡායාරූප, විස්තර හෝ ලැයිස්තු ආදිය Maps ඔස්සේ publically share කරගෙන ඇත්නම් එම profile follow කර එලෙස share කරන ලද විස්තර ඔස්සේ අදාළ ස්ථානය පිළිබඳව පූර්ව නිර්දේශයන් ලබා ගැනීමට අනෙක් පරිශීලකයින් හට හැකියාව ලැබෙනවා.

එමෙන්ම එම තොරතුරු ඔබගේ profile එකේ ඇති updates tab එක වෙත යොමු කල හැකි අතර ඒ ඔස්සේ නව නිර්දේශයන් සමඟ නිරන්තරයෙන්ම සම්බන්ධ වී සිටීමට අදාළ පරිශීලකයන් හට ඉඩ ලබා දෙනවා.

එමෙන්ම Google Maps profile එක වෙත නව topic filter එකක් ලබාදීමට ද Google සමාගම කටයුතු කරමින් සිටින අතර ඒ අනුව ඔබට Pizza, Brunch, Camping, Parks, Restaurant වැනි එදිනෙදා සාමාන්‍යයෙන් භාවිතා කරන ස්ථාන පිළිබඳව වඩා හොඳ තොරතුරු වෙත ඉක්මනින්ම ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙනවා.

මෙහිදී සිය profile එක control කරගැනීමේ හැකියාව පරිශීලකයන්ට ලබාදෙන ආකාරයට settings රැසක්ද එකතු වන අතර මේ නිසා පරිශීලකයින්ට ඔවුන්ගේ අභිමතය පරිදි ඔවුන්ගේ Google Maps profile එක කළමනාකරණය හා පුද්ගලීකරණය කළ හැකි වෙනවා.

මේ නිසා ඕනෑම පරිශීලකයෙකුට තමන්ව follow කිරීමට ඉඩදෙන්නේ කාටද යන්න තීරණය කල හැකි වෙනවා.

අවශ්‍ය නම් ඔබගේ profile එකේ ඇති content අනෙක් අයට නැරඹිය නොහැකි වන ලෙස reistrict කළ හැකි අතර එසේ කළ profile එකක් නැරඹීමට නම් අනිවාර්යයෙන්ම පරිශීලකයා විසින් අදාල පුද්ගලයාව approve කිරීම කළ යුතු වෙනවා.

කොහොම නමුත් මේ නවතම පහසුකම රැගත් Google Maps update එක ලබා දෙන දින වකවානු පිළිබඳ මේ වන විට තොරතුරු හෙළිදරව් වී නැතත් එය ඉතා ඉක්මනින්ම සියලු පරිශීලකයින් හට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, Android Police වෙබ් අඩවිය, Gizmochina වෙබ් අඩවිය සහ Mashable වෙබ් අඩවිය භාවිතා කළ හැක.