Huawei සමාගම විසින් Android OS එක වෙනුවට develop කරමින් සිටින OS එකක් වෙන Harmony OS නැතිනම් Hongmeng OS පිලිබඳව අපි කිහිප වරක්ම ඔබව දැනුවත් කර තිබෙනවා.

ඒ වගේම මෙම අලුත්ම operating system එකේ පළමු mobile beta version එක එළබෙන දෙසැම්බර් 18 වන දා නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු කරමින් සිටින බවද අපි ඔබට දැනුම් දුන්නා මතක ඇති.

Huawei සමාගමෙහි Harmony OS එකෙහි පළමු beta version එක දෙසැම්බර් 18 වනදා නිකුත් කිරීමට සූදානම් වන ලකුණු
Huawei සමාගම විසින් ඔවුන්ගේ Hongmeng OS (aka Harmony OS) එක දැනටමත් සංවර්ධනයකරමින් පවතින අතර පසුගියදා පැවති Huawei Developer Conference එකේදී Huawei සමාගමප්‍රකාශ කළ ආකාරයට තෝරාගත් ජංගම දුරකතන සඳහා මෙම වසර අවසානය වන විට Harmony OSඑකෙහි beta version එකක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. Weibo පරිශීලකයෙක…

ඒ සමඟම ඇතිවු ඊළඟ කතාබහ වූයේ කුමන මාදිලි වලට, කොයි කාලයේදී මෙම update එක ලැබෙනවාද යන්න වූ අතර, දැන් එයට යම් මට්ටමක සාර්ථක පිළිතුරක් ලබා දීමට Huawei Central වෙබ් අඩවිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දැනට තිබෙන Huawei සහ Honor මාදිලි වලින් 90% කටම පමණ මෙම නවතම OS එක ලැබීමට නියමිත අතර එම සමස්ථ ලැයිස්තුව පහත පරිදි වෙනවා.

HarmonyOS සඳහා සුදුසුකම් ඇති Huawei devices:
  • Huawei Mate 40
  • Huawei Mate 40 Pro
  • Huawei Mate 40 Pro+
  • Huawei Mate 40 RS Porsche Design
  • Huawei Mate X
  • Huawei Mate Xs
  • Huawei P40
  • Huawei P40 Pro
  • Huawei P40 Pro+
  • Huawei Mate 30 4G
  • Huawei Mate 30 Pro 4G
  • Huawei Mate 30 5G
  • Huawei Mate 30 Pro 5G
  • Huawei Mate 30 RS Porsche Design
  • Huawei Nova 8 (Upcoming)
  • Huawei Nova 8 Pro (Upcoming)
  • Huawei Nova 7 Pro 5G
  • Huawei Nova 7 5G
  • Huawei Nova 7 SE
  • Huawei P30
  • Huawei P30 Pro
  • Huawei Mate 20
  • Huawei Mate 20 Pro
  • Huawei Mate 20 X 4G
  • Huawei Mate 20 X 5G
  • Huawei Mate 20 RS
  • Huawei Nova 6 5G
  • Huawei Nova 6 SE
HarmonyOS සඳහා සුදුසුකම් ඇති Honor devices:
  • Honor V40 (Upcoming)
  • Honor 30 Pro
  • Honor 30 Pro+
  • Honor V30
  • Honor V30 Pro
  • Honor Play 4 Pro
  • Honor X10 5G
  • Honor 30
  • Honor 30S
  • Honor X10 5G
  • Honor 20 Pro
  • Honor 20
  • Honor 9X
  • Honor 9X Pro
HarmonyOS සඳහා සුදුසුකම් ඇති wearables:
  • Huawei Watch GT 2 Pro (pre-installed – Chinese version)
  • Huawei Watch GT 2e
  • Huawei Watch GT 2
HarmonyOS සඳහා සුදුසුකම් ඇති tablets:
  • Huawei MatePad Pro
  • Huawei MatePad Pro 5G
  • Honor Tablet V6

මේ අනුව Huawei Nova 8 series එක හා Honor V8 series එක සඳහා pre-installed ලෙසම මෙම operating system එක ලැබෙනු ඇති බව අනුමාන කල හැකි අතර, mobile phone වලට අමතරව Huawei Smartwatch කිහිපයක් හා tablet කිහිපයක් ද Harmony OS වෙත update කිරීමට Huawei සමාගම සූදානම් වන බව මෙම ලැයිස්තුව පිරික්සීමේදී පැහැදිලි වෙනවා.

අනෙක් කරුණ නම්, මෙහි Huawei Enjoy හා Huawei Y series පිලිබඳව සඳහනක් නැති අතර Honor series එකේ ඇතැම් devices පිළිබඳව ද මෙහි සඳහන් කර නැහැ.

ඒ අනුව ඉදිරියේදී මෙම ලැයිස්තුව වෙනස්වීමට ඉඩ තිබෙන බව පැහැදිලි වන අතර ඇතැම් Devices ඉවත් වීම හා බොහෝ Entry-level Devices කාලානුරූපීව Add වීම සිදුවිය හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Huawei Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.