Huawei සමාගම විසින් ඔවුන්ගේ Hongmeng OS (aka Harmony OS) එක දැනටමත් සංවර්ධනය කරමින් පවතින අතර පසුගියදා පැවති Huawei Developer Conference එකේදී Huawei සමාගම ප්‍රකාශ කළ ආකාරයට තෝරාගත් ජංගම දුරකතන සඳහා මෙම වසර අවසානය වන විට Harmony OS එකෙහි beta version එකක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

Weibo පරිශීලකයෙකු වන Changan Digital King ට අනුව, Harmony OS එකෙහි developer beta version එක දෙසැම්බර් 18 වෙනිදා වනවිට නිකුත් කරනු ඇතැයි වාර්තා කර ඇති අතර මේ අනුව beta version එකක් නිකුත් කිරීමෙන් පසුව ජංගම දුරකතන කිහිපයක් සඳහා Harmony OS එකෙහි developer beta version එක ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

නිළ HarmonyOS roadmap එක

මෙම developer beta version එක ලබා දී මාස කිහිපයකට පසුව, එනම් 2021 වසරේ ජනවාරි සහ පෙබරවාරි වනවිට Huawei ජංගම දුරකතන කිහිපයකටම වඩාත් පුළුල් ලෙස Harmony OS එකෙහි Beta version එක ලබාදීමට හැකියාව තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම, දැනට වෙළඳපලේ ඇති Huawei smartphones වලින් 90% ක් පමණ Harmony OS එකට update කිරීමට සූදානමක් ඇති බවට Huawei සමාගම විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන අතර මෙම Harmony OS එක smartphones පමණක් නොව, TVs, smart cameras සහ වාහන වල head units ඇතුළු උපාංග රාශියක් සඳහාම ගැලපෙන ලෙස නිර්මාණය කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Weibo (චීන), GizmoChina වෙබ් අඩවිය සහ GSMAarena වෙබ් අඩවිය භාවිතා කළ හැක.