Amazon සමාගම විසින් Google Stadia සහ Microsoft xCloud වැනි cloud gaming සේවාවන් වලට අභියෝග කරමින් ඔවුන්ගේ Luna cloud gaming සේවාව පසුගියදා හඳුන්වාදීමට කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Amazon සමාගම විසින් Luna නමින් නව cloud gaming සේවාවක් හඳුන්වාදීමට කටයුතු කරයි
Amazon සමාගම විසින් Cloud Gaming සේවාවක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අපි ඔබවමීට පෙර ලිපියකින් දැනුවත් කලා ඔබට මතක ඇති. Amazon සමාගම විසින් Cloud Gaming Service එකක් ආරම්භ කරන ලකුණුCloud GamingService එකක් වන Google සමාගමේ Project Streamගැන[/googles-project-stream-lets-you-play-high-end-games…

ඔන්න දැන්, Amazon සමාගම විසින් තවත් gaming සඳහා වන service එකක් එළිදක්වා ඇති නමුත් මෙවර එය ජංගම දුරකථන භාවිතා කරන්නන් ඉලක්ක කර ගෙන ඇති අතර Amazon GameOn ලෙස නම් කර ඇති මෙම සේවාව මඟින් පරිශීලකයින් හට mobile gameplay capture කර ගැනීමට සහ share කරගැනීම පහසු කරයි.

Android සඳහා වන GameOn app එක සමඟ, පරීශිලකයින්ට ඔවුන්ගේ ප්‍රියතම mobile gameplay වල තත්පර 30 සිට විනාඩි 30 ක් දක්වා record කළ හැකි අතර PUBG Mobile, Angry Birds 2, සහ Final Fantasy Brave Exvius ඇතුළුව ක්‍රීඩා 1,000 කට අධික ප්‍රමාණයක් සඳහා මේ GameOn සේවාව මේ වන විටත් සහයෝගය දක්වනවා.

ඉහත video එකේ ඇති ආකාරයට GameOn app එක මඟින් gameplay record කිරීමට මෙන්ම app එක ඇතුළතදීම ඒවා සංස්කරණය කිරිමට සහ පසුව පරිශීලකගේ GameOn profile page එකෙහි share කරගැනීමට හැකියාව ලැබෙනවා.

Amazon GameOn මඟින් පරීශීලකයන් හට කැමති පරිදි gameplay record කිරීම ආරම්භ කිරීම සහ නැවැත්විමට ඉඩදෙන අතර GameOn හි homepage එකෙහි ඇති විශේෂිත challenges අංශයට ක්‍රීඩකයින්ට විශේෂිත තරඟ ඇතුළත් කෙරෙනු ලැබෙනවා.

එහිදී පරිශීලකයින් හට ඔවුන්ගේ ප්‍රියතම ‍gameplay පෙන්වීම කළ හැකි අතර, ඒවා නරඹන්නන් හට එම clips සඳහා vote කිරීමේ හැකියාවත්, ඒ අනුව වඩාත්ම ජනප්‍රිය clip සඳහා digital ranking badges ලබාදීම ද සිදු කෙරෙනවා.

GameOn: watch, share and record gameplay videos - Apps on Google Play
GameOn mobile game recorder and challenge app is here to change your gaming experience once and for all. Record gameplay, funny moments, achievements, and walkthroughs in your mobile games and share your clips with friends and followers on multiple services! GameOn by Amazon is a free video clip ma…

GameOn app එක දැන් Android සඳහා ලබා ගත හැකි අතර එය ඉතාමත් ඉක්මනින් iOS වෙත ලබාදෙනු ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.