දැනට වාර්තා වී ඇති වැඩිම කප්පම් මුදලක් ඉල්ලා ඇති ransomware attack එක බවට පත් වෙමින් පසුගිය සිකුරාදා දිනයෙහි ලොව පුරා සමාගම් රැසකට එල්ල කළ ransomware ප්‍රහාරය ඉතිහාසයට එකතු වුණා.

REvil නමින් හඳුන්වන රුසියානු සම්භවයක් සහිත හැකර්වරුන් පිරිසක් විසින් එල්ල කර ඇති මෙම ransomware ප්‍රහාරය හරහා ඇමෙරිකානු සමාගම් 200කට අධික ප්‍රමාණයකුත්, ලොව පුරා තවත් ආයතන 100කට අධික ප්‍රමාණයකුත් අකර්මන්‍යය කිරීමට සමත් වී ඇති බව වාර්තා වෙනවා.

මේ වන විට මෙම ප්‍රහාරය මගින් පරිගණක පද්ධති මිලියනයකට අධික ප්‍රමාණයක් අකර්මන්‍යය වී ඇති අතර, විශේෂයෙන්ම පසුගිය සති අන්තයේදී Kaseya නම් වූ IT firm එක hack වීමෙන් අනතුරුව ස්වීඩන් සුපිරි වෙළඳසැල් සිය ගණනක් අකර්මන්‍යය කිරීමට මෙය සමත් වී තිබෙනවා.

මෙම ප්‍රහාරය හරහා encrypt කරනු ලැබූ තොරතුරු නැවත decrypt කළ හැකි tool එකක් ලබාදීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොළර් මිලියන 70ක මුදලක් Bitcoin හරහා ලබාදෙන ලෙස අදාල හැකර්වරුන් නිවේදනය කර තිබෙනවා.

පසුගිය ජුනි මාසයේදී ලොව විශාලතම මස් සැපයුම්කරු වන JBS ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ද මෙම හැකරුවරුන් විසින් ම වන අතර, ඒ හරහා ඇමෙරිකානු ඩොළර් මිලියන 11ක කප්පම් මුදලක් ලබාගනු ලැබුවා.

ලොව විශාලතම මස් සැපයුම්කරු වන JBS ආයතනයට එල්ල වූ cyberattack එකක් නිසාවෙන් සත්ත්ව ඝාතකාගාර වසා දැමීමට සිදු වෙයි
ලොව දැවැන්තම මස් සැපයුම්කරු වන JBS සමාගමට මේ වන විට cyber ප්‍රහාරයක් එල්ල වී ඇතිඅතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ වෙළඳ කටයුතු අඩාල වී ඇති බව වාර්තා වෙනවා. බ්‍රසීලියානු සමාගමක් වන මෙම සමාගම විසින් ආසන්න වශයෙන් ලොව සමස්ත මස් ඉල්ලුමෙන්පහෙන් එකක, (5\1) ප්‍රමාණයක් සපයනු ලබන අතර, මෙලෙස එල්ල වූ cyberattack එක හමු…

FBI ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මෙම ප්‍රහාරය හරහා අපහසුතාවයට පත් වූ සෑම ආයතනයකටම තනි තනි වශයෙන් ප්‍රතිචාර දැක්විය නොහැකි බවත්, මේ වන විට Joe Biden ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ඔවුන්ගේ සියළුම සම්පත් මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා යොදවමින් සිටින බවත් ය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය සහ CBS News වෙබ් අඩවිය භාවිතා කළ හැක.