ලොව දැවැන්තම මස් සැපයුම්කරු වන JBS සමාගමට මේ වන විට cyber ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ වෙළඳ කටයුතු අඩාල වී ඇති බව වාර්තා වෙනවා.

බ්‍රසීලියානු සමාගමක් වන මෙම සමාගම විසින් ආසන්න වශයෙන් ලොව සමස්ත මස් ඉල්ලුමෙන් පහෙන් එකක, (5\1) ප්‍රමාණයක් සපයනු ලබන අතර, මෙලෙස එල්ල වූ cyberattack එක හමුවේ ඔවුන්ගේ ඇමෙරිකානු සහ කැනේඩියානු සත්ත්ව ඝාතකාගාර වසා දැමීමට සිදු වී තිබෙනවා.

මෙම cyber ප්‍රහාරය පසුගිය මැයි මස 30 වැනි දින සිදු කර ඇති අතර, 31 වැනි දින වන විට එහි සේවකයින් දැනුවත් කිරීමටත්, ඉන් පසුව එම සමාගමේ පරිගණක සහ IT systems නවත්වාදැමීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන්ගේ backup servers වලට ගැටළුවක් සිදුව නොමැති බව වාර්තා වන අතර, අදාල වෛරස තවදුරටත් පැතිරීම සහ ඒ හරහා සිදු විය හැකි අනතුර අවම කරගැනීම සඳහා මෙලෙස ඔවුන්ගේ systems සහ devices shutdown කිරීමට කටයුතු කළ බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම cyberattack එක සිදු කර ඇත්තේ රුසියානු හැකර්වරුන් විය හැකි බව ඇමෙරිකානු ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් Karine Jean-Pierre විසින් ප්‍රකාශයක් සිදු කර ඇති අතර, මෙම attack එක හරහා හැකර්වරුන් විසින් ransom එකක් (කප්පම් මුදලක්) ඉල්ලා ඇති බවක් හෝ එහි අරමුණ පිළිබඳව තවමත් කිසිඳු වාර්තාවක් නිකුත් වී නැහැ.

එමෙන්ම මෙම තත්ත්වය දිගු කාලයක් මෙලෙස පැවතියහොත්, ලොව පුරා ගව මස් සහ ඌරු මස් හිඟයක් ඇති විය හැකි බව The Verge වෙබ් අඩවිය වාර්තා කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.