Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතියේ ඇති passes system එක වැඩිදියුණු කරමින් Android පරිශීලකයින් හට තමන්ගේ COVID vaccine card එකේ digital version එකක් තම ජංගම දුරකථනයේ store කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව මෙහි අන්තර්ගත වන digital vaccination card එක තුළ අදාල පරිශීලකයා හට ලබාදුන් vaccine එකේ වර්ගය, vaccine එක ලබාදුන් ස්ථානය වැනි තොරතුරු ඇතුලත් වනු ඇති අතර, දුරකථන සංඥා නොමැති හෝ අවම අවස්ථාවකදී වුවත් එය භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

මීට අදාල Passes API එක දැනටමත් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර, මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් බලය පවරන ලද සෞඛ්‍ය සේවා සංවිධාන, රාජ්‍ය ආයතන සහ සංවිධාන වල developer වරුන් හට මෙම API එක භාවිතා කරමින් COVID vaccination හෝ test results සඳහා වන digital card එකක් නිර්මාණය කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

කොහොම නමුත් මෙම පහසුකම භාවිතා කිරීම සඳහා අදාල device එක Android 5 වලින් පසු සංස්කරණයක් සහිත විය යුතු වන අතර Play Protect certified device එකක් ද විය යුතු වෙනවා.

එමෙන්ම මේ හරහා ඇතුලත් කරනු ලබන දත්ත Google සමාගම විසින් sync කර නොගන්නා බවත්, මෙම දත්ත කිසිඳු third party එකක් සමඟ share කිරීමක් හෝ advertisements සඳහා භාවිතා නොකරනු ලබන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ නමුත් මෙම card එක කුමන දින වලදී කී වාරයක් භාවිතා කරන ලද්දේ ද යන්න පිළිබඳව ඔවුන් තොරතුරු සටහන් කරගනු ඇති බවත්, මෙය භාවිතා කිරීම සඳහා Google Pay app එක install කර තිබීම අත්‍යාවශ්‍යය නොවන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම පහසුකම මූලිකව US පරිශීලකයින් හට ලබාදෙනු ලබන බවත්, ඉදිරියේදී ලොව පුරා සිටින සියළුම Android පරිශීලකයින් හට නිකුත් කරනු ලබන බවත් Google සමාගම සඳහන් කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ Google Developers Blog අඩවිය භාවිතා කළ හැක.