Google සමාගම ප්‍රධාන ජංගම දුරකථන මාලාව වන Google Pixel මාලාවේ නවතම ජංගම දුරකථනයක් වන Google Pixel 3 XL ජංගම දුරකථනය හොංකොං වල මේ වන විටත් අලෙවි කරමින් පවතින බව දැනගන්නට ලැබෙනවා.

Google සමාගම ඔවුන්ගේ Hardware event එක මීළඟ අඟහරුවාදා, එනම් මෙම මස 9 වැනිදා New York නගරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, එම event එකේදී මෙම ජංගම දුරකථනය නිළ වශයෙන් එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

කොහොම නමුත් Engadget වෙබ් අඩවියේ editor කෙනෙකු වන Richard Lai විසින් හොංකොං වලදී මේ අලුත්ම Google Pixel 3 XL ජංගම දුරකථනයක් මිලට ගැනීමට කටයුතු කර තිබෙන අතර ඒ සමඟින් වීඩියෝවක් ද නිකුත් කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

මේ වන තුරු අන්තර්ජාලය පුරා leak වී තිබුණු devices, sketch සියල්ලක්ම පාහේ මේ device එකට සර්ව සමාන වන අතර ඔහු පෙන්වා දෙන පරිදි මෙහි screen එක ඉතාමත් හිරු එළිය සහිත වේලාවකදී පවා හොඳින් ඉතා හොඳ තත්ත්වයෙන් පවතිනවා. එමෙන්ම මේ device එක අඟල් 6.3ක screen එකකින් සමන්විත වෙනවා. Qualcomm’s Snapdragon 845 chipset එකකින් බලගැන්වෙන මේ device එක 128GB storage එකකින් හා 4GB RAM එකකින් ද යුක්ත වෙනවා.

Engadget වෙබ් අඩවිය විසින් වාර්ථා කරන අන්දමට මෙය 12.2 megapixel rear camera එකකින් යුතු වෙන අතර 8 megapixel front camera දෙකකින් සමන්විත වන බැවින් මේ හරහා extra-wide ඡායාරූප ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

ඉතින් මේ ඔක්තෝම්බර් 9 වැනිදා ඔවුන්ගේ වේලාවෙන් උදේ 11 (ET) ට පැවැත්වීමට නියමිත Pixel 3 event එකේදී මේ ගැන අමුතුවෙන් දැනගන්න තරම් දෙයක් මේ වන විට නම් ඉතිරි වී නොමැති අතර Google ඉතිහාසයේ සිදු වූ දැවැන්තම leak එක ලෙස මෙය පෙන්වා දෙන්නට බොහෝ දෙනා පෙළඹී තිබෙනවා.

කොහොම නමුත් මේ event එක සජීවීව නැරඹීමට අවශ්‍යය නම් Made by Google කියන YouTube channel එක මාර්ගයෙන් එහි live stream එක නරඹන්න ඔයාට අවස්ථාව තියනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය මෙන්ම engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.