මේ වෙනකොට ජංගම දුරකථනයක් කිවුවම අපි හැමෝගෙම වගේ මතකයට එන්නේ smartphone එකක් වුණත්, මේ smartphone එක වෙලාවකට කරදරයක්, එහෙමත් නැතිනම් වුවමනාවට වඩා සංකීර්ණයි වගේ අදහසක් දැනෙන වෙලාවල් ද නැතුවාම නොවේ.

අපි ජංගම දුරකථනයකින් බළාපොරොත්තු වෙන ප්‍රධානතම පහසුකම් දෙකක් තමයි call ගැනීම සහ text message භාවිතා කිරීම. ඉතින් මේ පහසුකම් දෙකට ප්‍රමුඛතාවයක් දෙමින් නිශ්පාදනය වුණු minimalist phone වලට බොහෝ දෙනෙකු නැඹුරුවක් පෙන්වන බවක් දකින්නට ලැබෙනවා.

ස්විස්ටර්ලන්ත සමාගමක් වන Punkt සමාගම විසින් ඔවුන්ගේ MP01 කියන දුරකථනයේ දෙවන සංස්කරණය හැටියට MP02 කියන ජංගම දුරකථනය නිකුත් කරන්නට මේ වන විට කටයුතු කර තිබෙනවා.

මේ අලුත් version එකත් ඔවුන්ගේ කලින් version එකට ගොඩක් සමාන වුණත් 2G වල සිට 4G වලට වැඩි දියුණු වෙලා තියෙනවා වගේම Blackberry වල තියෙන encryption එකයි threaded text messages පහසුකමයි මෙයට එකතු කරන්නත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය භාවිතා කරන්න අවශ්‍යය නම් phone එකේ Hotspot on කරලා laptop හෝ tablet එකකට සම්බන්ධ කිරීමෙන් අනතුරුව භාවිතා කිරීමේ හැකියාවද එකතු කර තිබනවා.

මේ වන විට වෙළඳපොලේ දකින්නට ලැබෙන මේ විදිහේ minimalist phones සමඟ සසඳා බලන විට මේ MP02 එකේ design එක ඉතාමත් ඉහළ තත්ත්වයක පවතින අතර, මෙම design එක සිදු කරනු ලැබ තිබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික designer කෙනෙකු වන Jasper Morrison නැමැත්තා විසිනුයි.

මේ අමුතු ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Qualcomm Snapdragon 210 processor එකකින් වන අතර එය අඟල් දෙකක display එකකින් ද සමන්විත වෙනවා. මේ display එක Gorilla Glass එකකින් ආවරණය කර තිබෙන අතර මෙහි battery life එක දින 12ක් පමණ කාලයක් තිස්සේ තබාගත හැකි බව තමයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ ගැන වැඩි විස්තර theverge වෙබ් අඩවියෙන් සහ ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වන punkt.ch හරහා දැනගැනීමට අවස්ථාව තිබෙනවා.