මේ වන විට ස්මාර්ට් ජංගම දුරකථන සමාගම් අතර ඉහළ පෙළේ සාමාජිකයෙක් වන Xiaomi සමාගමේ දුරකථනයක් හදිසියේම පුපුරා යෑමක් ගැන මේ වන විට වාර්තා වෙනවා.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ Xiaomi Mi A1 වර්ගයේ දුරකථනයක් වන අතර මෙහි අයිතිකරුවා පවසන පරිදි මෙය සිදු වී ඇත්තේ රාත්‍රී කාළයේ දුරකථනය ආරෝපණය එනම් charge වන අවස්ථාවේදීය.

තව දුරටත් ඔහු පවසා ඇත්තේ දුරකථනයේ මීට පෙර කිසිම දෝෂයක්, එනම් අධික ලෙස රත් වීමක් හෝ මෘදුකාංග වල වෙනස් හැසිරීමක් දක්නට නොලැබුණු බවත් ඔහු වැඩිදුරටත් වාර්ථා කරනවා. කෙසේ වෙතත් මෙමඟින් පරිශිලකයාට හානියක් වී නොමැත.

Mi දුරකථනයක් මෙවැනි සිදුවීමකට මුහුන දුන් පලමු වතාව මෙය වන අතර ඔහු Xiaomi පාරිභෝගික අංශයට ද මෙය දන්වා ඇතත් තවමත් ඔවුන් මේ සඳහා ප්‍රතිචාර දක්වා නොමැත.

Mi දුරකථන සමාගමට මෙය නවමු පුවතක් වුවත් වර්ශ කිහිපයකට පෙර Samsung සමාගමේ දුරකථනයක් ද මෙවැනි ම අකරතැබ්බයකට මුහුන දුන් අතර එය Samsung Galaxy Note 7 දුරකථනයයි. එහිදී Samsung සමාගම පවසා සිටියේ එය දුරකථනයේ දෝෂයක් නොව charger එකෙහි ඇති වූ දෝෂයක් බවයි. නමුත් ඔවුන් එම මාදිලියේ දුරකථන නිපදවීමද එතෙකින් නවතා දැමීය.

කෙසේ වෙතත් මේ පිලිබදව නිසැකවම Xiaomi customer care සේවාව මගින් පැහැදිලි කිරීමක් කරන තුරු Mi දුරකථන මෙන්ම අනෙකුත් මාදිලියේ දුරකථන ද charge කරනු ලබන අවස්‌ථා වලදී භාවිතා නොකිරීමටත් හා charge අවස්ථාවේදී තරමක් ආරක්ෂා සහිත ස්ථානයක තබා ආරෝපණය (charge) කිරීමට වග බලාගත යුතුය.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා notebookcheck වෙබ් අඩවිය, BGR වෙබ් අඩවිය හා adimorahblog වෙබ් අඩවිය භාවිතා කළ හැක. එමෙන්ම මේ වෙනුවෙන් mi.com හි forum එක මත ආරම්භ කරන ලද thread එකද භාවිතා කළ හැක.