මේ වෙනකොට Google Pixel 3 එක ගැන හැම දෙනෙක්ම වගේ කටකතා සහ නිළ නොලත් මාර්ග වලින් දැනගෙන තිබුණත්, මේ device එක නිළ වශයෙන් නිකුත් කරනු ලබන event එක ඔක්තෝම්බර් මස 9 වනදා New York වලදී පැවැතිවීමට නියමිත කර තිබෙනවා.

බොහෝ දෙනා බළාපොරොත්තු වුණු පරිදි මෙය ඔක්තෝම්බර් 4 වැනිදා වෙනුවට 9 වැනිදා දක්වා කල් දමා තිබෙන අතර, පසුගිය වසර වලදී මෙය පැවැත්වුණේ San Francisco නගරයේදියි. නමුත් මේ වසරේදී මෙම event එක New York වල පැවැත්වීමට Google සමාගම කටයුතු සූදානම් කර තිබෙනවා.

Google New York Event

මේ event එකේදී Pixel 3 smartphone එකට අමතරව Pixelbook ඇතුළු තවත් hardware products නිකුත් කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙන අතර මෙය New York නගරයේ Spring Studios හි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8:30 ට පැවැත්වීමට නියමිත වෙනවා.

මේ event එක සජීවීව නැරඹීමට අවශ්‍යය නම් Made by Google කියන YouTube channel එක මාර්ගයෙන් එහි live stream එක නරඹන්නත් ඔයාට අවස්ථාව තියනවා.