Google Maps සඳහා Incognito Mode එක ලබා දීමට Google සමාගම කටයුතු කරයි
පසුගියදා පැවැත්වුණු Google I/O event එක අතරතුරදී එළිදැක්වූ අලුත් පහසුකම් අතරින් Google Maps සඳහා Incognito mode එක හඳුන්වා දීමද ඇතුලත් වූ බව ඔබ දකින්නට ඇති.
Google සමාගම තම සේවාලාභීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා සිදු කරනු ලැබූ තවත් එක් improvement එකක් ලෙස මේ Google maps සඳහා හඳුන්වා දුන් incognito mode එක හැඳින්විය හැකි වෙනවා.
මීට ඉහතදී Google Chrome වල තිබෙන incognito mode එක ගැන විධිමත් පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කළ අතර මේ incognito mode එකක් හරහා ලැබෙන ආරක්ෂාව හා භාවිතාවන් පිළිබඳව මේ වන විට ඔබ හොඳ අවබෝධයක් තිබෙනු ඇත.
මීළඟ සති කිහිපය ඇතුලත මේ පහසුකම Google Maps භාවිතා කරනු ලබන සෑම කෙනෙකු හටම ලබා දීමට නියමිත අතර මේ mode එක භාවිතා කරනු ලබන විට යන එන ස්ථාන හෝ වෙනත් කිසිඳු තොරතුරක් store කර නොගන්නා බව Google සමාගම ප්රකාශ කරනවා.
එමෙන්ම මේ පහසුකම Android වලට පමණක් සීමා නොවී Google Maps දැනට භාවිතා කළ හැකි සියළුම platforms සඳහා ලබා දීමට කටයුතු කරනු ලබනවා.
Coming soon to @googlemaps, when you turn on Incognito mode in Maps, your activity—like the places you search or get directions to—won’t be saved to your Google Account. Just tap from your profile picture to easily turn it on or off. #io19 pic.twitter.com/z7GRkkmDbn
— Google (@Google) May 7, 2019
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.