ඔයා Android ජංගම දුරකථනයක් භාවිතා කරනවා නම් බොහෝ වෙලාවට SMS/MMS සඳහා Android Messages app එක භාවිතා කරනවා ඇති.

ඒ වගේම 2018 වර්ෂය පුරාවට මේ Android Messages app එක වැඩිදියුණු කරන්නට Google සමාගම කටයුතු කළ අතර අන්තර්ජාලය හරහා SMS යැවීමේ සහ කියවීමේ පහසුකම ද මෙයට එකතු කරන්නට ඔවුන් කටයුතු කළා.

ඉතින් මේ Android Messages web app එක භාවිතා කරන විට මේ වෙනකන් එය භාවිතා කිරීමට හැකියාව ලැබුණේ messages.android.com කියන වෙබ් අඩවිය හරහා බව මේ වෙනකොටත් ඔබ දන්නවා ඇති.

කොහොම වුණත් Chromium ව්‍යාපෘතියේ source code එක පිරීක්සීමේදී අනාවරණය වූ පරිදි මේ සේවාව android.com වෙතින් google.com වෙත මාරු කිරීමට Google සමාගම සූදානම් වන බව පෙනී යනවා.

කොහොම වුණත් තවමත් මේ messages.google.com කියන URL එක හරහා Android Messages web app එක භාවිතා කිරීමට අවස්ථාව නොලැබෙන නමුත්, නුදුරු අනාගතයේදීම මෙය සියළුම Android Messages පරිශීලකයන් හට භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය හා gsmarena වෙබ් අඩවිය භාවිතා කළ හැක.