පසුගිය වසර කිහිපය පුරාවට Android වල messaging පහසුකම වැඩිදියුණු කිරීම සඳහා Google සමාගම විසින් නොයෙක් ආකාරයේ වැඩිදියුණු කිරීම් හඳුන්වා දෙන්නට කටයුතු කළා. ඔන්න දැන් එහි අළුත්ම version එකත් එක්ක අළුත්ම අළුත් features 5ක් ගැන නිළ වශයෙන් දැනුම් දීලා තිබෙනවා.

පරිගණකය භාවිතා කරමින් text messages යැවීමට හා කියවීමට හැකියාව

මේ ගැන මම කලින් ලිපියකින් සඳහන් කළා වගේම ඔන්න ඊයේ දිනයේ සිට නිළ වශයෙන් Internet භාවිතා කරමින් ඔයාගේ පරිගණකය හරහා text messages යැවීමේ හා කියවීමේ පහසුකම දැන් Android Messages app එකට ලැබිලා තියනවා.

android-messages-for-web-techie

බොහෝ විට ඔයා මේ වෙනකොටත් WhatsApp web පහසුකම භාවිතා කරලා ඇති. අන්න ඒකට සමාන ආකාරයට තමයි මේ පහසුකමත් වැඩ කරන්නේ.

android-messages-for-web-techie-preview

Android Messages app එකට “messages for web” යනුවෙන් අළුත් menu item එකක් එකතු වී ඇති අතර, එය tap කිරීමෙන් පසු messages.android.com වල ඇති QR code එකක් scan කිරීමෙන් මෙම පහසුකම භාවිතා කළ හැකි වේ.

GIF images සෙවීමේ හා යැවීමේ පහසුකම

search-and-send-gif-android-messages-techie

බොහෝ වෙලාවට වචන වලින් කියන්න බැරි විදිහේ හැඟීමක් යහළුවෙකුට දනවන්න අවශ්‍යය වුණාම අපි අනුගමනය කරන පියවර වෙන්නේ ඒකට අදාල GIF image එකක් යැවීමයි. ඉතින් ඔන්න මේ පහසුකමත් Android Messages App එකට එකතු වෙනවා. ඒ වගේම මේ විදිහට ඔයාට අවශ්‍යය කරන GIF එක search කරගන්නත් මෙහි පහසුකමක් ඇතුලත් වෙනවා.

Smart Reply සමඟින් එක tap එකකින් reply කිරීමේ පහසුකම

android-messages-smart-reply-techie

පසුගිය දිනවල Gmail එකට අළුතින් එකතු වුණු Smart Reply එක ඔයාට මතක ඇති. අන්න ඒ විදිහට දැන් Android Messages එකටත් Smart Reply එක එකතු කරන්න Google සමාගම කටයුතු කරලා තියනවා. ඉතින් ඔයාට message එකක් ආවම ඒකට reply එකක් type කරන්නේ නැතිව Google විසින් යෝජනා කරන reply එකක් එක tap එකක් පමණක් භාවිතා කරලා යවන්න හැකියාවත් දැන් ඔයාට ලැබෙනවා. කොහොම වුණත් තාමත් මේ පහසුකම ලැබෙන්නේ English භාශාවෙන් ලැබෙන messages සඳහා පමණක් බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

Links වල preview එකක් පෙන්වීම

android-messages-preview-link-techie

ඔයාගේ යහළුවෙක් text message එකක් හරහා link එකක් එවුවොතින්, ඒ link එකට ගිහින් බලනකන්ම ඒ ගැන දැනගන්න විදිහක් මේ වෙනකන්ම තිබුණේ නැහැ නේද? ඔන්න දැන් ඒ ප්‍රශ්ණයට උත්තරයක් දෙන්නට Google සමාගම පියවර ගෙන තිබෙනවා. Android messages වලදී links වල preview එකක් පෙන්වීමට මේ අළුත් update එකත් එක්ක ඔවුන් කටයුතු කරලා තිබෙනවා.

OTP එක tap එකකින් copy කරගැනීමේ පහසුකම

TOP-with-one-tap-android-messages-techie

OTP එහෙමත් නැතිනම් One time password කියන්නේ මේ වෙනකොට නිතරම භාවිතා වෙන දෙයක් වෙලා. ඉතින් මේ පහසුකම භාවිතා කරන විට අපිට ඇතිවෙන ප්‍රධානම ගැටළුව වෙන්නේ මේ mobile එකට එන OTP එක නැවත වරක් අදාල app එකේ type කිරීමට සිදුවීමයි. ඔන්න දැන් ඒ ප්‍රශ්ණයටත් උත්තරයක් ලැබිලා තියනවා. මේ අළුත් update එකත් එක්ක OTP එකක් ලැබුණු විට එය එක tap එකකින් copy කරගැනීමට මේ සමඟ ඔබට අවස්ථාව ලැබෙනවා. මේ ගැනත් අපි කලින් ලිපියකින් සඳහන් කලත් මෙය නිළ වශයෙන් නිකුත් කරන්නට යෙදුනේ පසුගිය 18 වැනිදා ය.


ඔයා දැන් ඔයාගේ phone එක තුලින් මේ දේවල් කරන්න උත්සාහ කළත් සමහරවිට ඔබට තාමත් මේ update එක ලැබිලා නැතිව ඇති. ඉතින් ඉක්මණින්ම Google Play එකට ගිහින් බලන්න Android Messages app එකට update එකක් තියනවාද කියලා. එහෙමත් නැතිනම් තව දිනක් දෙකක් ඇතුලතදී ඔබට මෙම update එක ලැබේවි. Google සමාගම විසින් මෙම update එක නිකුත් කිරීම පසුගිය ජුනි 18 වන දින ආරම්භ කලත් එය නිකුත් කරන්නේ batch processing ආකාරයට බැවින් ඔබ අදාල වෙන batch එකට මෙම app එක නිකුත් කරන තුරු බලා සිටීමට ඔබට සිදු වෙනවා.

Download Android Messages on Goolge Play