සාමාන්‍යයෙන් අපි භාවිතා කරන Instagram app එකේ feed එක ඉහළට swipe කරමින් එහි පළ වී ඇති post නැරඹීමට අවස්ථාව ලබා දී ඇති අතර, ඊයේ දිනයේදී (දෙසැම්බර් 27) Instagram app එක භාවිතා කළ පරිශීලකයන් පිරිසක් හට තමන්ගේ Instagram feed එක හරහට පෙන්වූ පුවතක් ගැන මේ වන විට වාර්ථා වෙනවා.

කොහොම නමුත් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මේ හා සමාන ආකාරයේ පහසුකමක් Explore section එක මත අත්හදා බැලීමට මොවුන් කටයුතු කළ නමුත් ඊට වඩා වැඩි පරිශීලකයන් පිරිසකට මේ update එක ලැබී තිබෙන බව වාර්ථා වෙනවා.

මේ අලුත් පෙනුම අනුව සෑම Instagram post එකක් ම Instagram story එකක පෙනුමට සමාන පෙනුමක් ලබා ගන්නා අතර එක් වරකට එක post එකක් සහ එහි comments පමණක් නැරඹිය හැකි වෙනවා.

කොහොම නමුත් මේ පෙනුමත් සමඟ feed එක හරහා ඉක්මණින් ගමන් කිරීමට තිබූ හැකියාව අහිමි වී යන අතර මෙය, මේ පහසුකම ලැබී තිබූ බොහෝ දෙනාගේ ක්ෂණික අප්‍රසාදයට ලක් වන්නට වුණා.

Instagram හි ප්‍රධානියා වන Adam Mosseri ඉහත ප්‍රකාශ කර ඇති අන්දමට මෙය පරීක්ෂණයක් පමණක් වන නමුත් මෙයට හේතු වී තිබෙන්නේ ඔවුන් අතින් සිදු වූ අත්වැරදීමක් බව Facebook සමාගමේ නිළධාරීවරයෙකු The Verge වෙබ් අඩවියට පවසා තිබෙන අතර එය ඉතාමත් ඉක්මණින් නිරාකරණය කිරීමට ද කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.